Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙන්ඩර් දෙකක්ම ගිල්ලත් බඩු ගෙනත් නෑ

ටෙන්ඩර් දෙකක්ම ගිල්ලත් බඩු ගෙනත් නෑ

editorial - 2022 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ජිම්නාස්ටික් ක්‍රීඩාව පුහුණුවීම සඳහා භාවිතා කරන උපකරන තොගයක් ආනයනය කිරීම සඳහා වන ටෙන්ඩරය ලබාගත් සමාගම වසර 2 ක් ගතවන තුරුත් එම භාණ්ඩ තොගය මෙටරට ගෙන්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ.

අදාල උපකරන තොගය ආනයනය කිරීම සඳහා පළමු වරට 2015 වසරේදී ටෙන්ඩර කැඳවූ අවස්ථාවේදීද මෙම සමාගම ඒ සඳහා ඉදිිරිපත් වී තිබේ. එහිදී අදාළ සමාගම විසින් ටෙන්ඩරය ලබාගත් නමුත් භාණ්ඩ ආනයනය කිරීමට අසමත් වී ඇති බවත් තතු දන්නෝ කියති.  

නැවත වරක්, 2020 වසරේදී ටෙන්ඩර් කැඳවූ අතර එහිදීද ටෙන්ඩරය ලබාගැනීමට සමත් වී ඇත්තේ කළින් එම ටෙන්ඩරය දිනාගත් සමාගමය. මෙම අවස්ථා දෙකේදීම ක්‍රීඩා අමාත්‍යංශයට අනුයුක්තව සේවය කරන ක්‍රීඩා නිලධාරියකුගේ සහාය අදළ ටෙන්ඩරය දිනාගත් සමාගමට ලැබී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම භාණ්ඩ තොගය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් පළමු අවස්ථාවේදී රුපියල් මිලියන 80 ක මුදලක්ද, දෙවැනි අවස්ථාවේදී රුපියල් මිලියන 70 ක මුදලක්ද වෙන්කර තිබිණ. කෙසේ වුවත් ටෙන්ඩරය ලබාගත් සමාගම අවස්ථා දෙකේදීම භාණඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම මුදල වෙනත් කාර්යයන් වෙනුවෙන් යෙදවීමට අමාත්‍යංශ්‍ය පියවර ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ භාණ්ඩ තොගය ආනයන කිරීමට අදාල සමාගම අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ට මුදල් ගෙවීමෙන් වැළකී සිටි බවයි.

මෙම සිදුවීමෙන් දැඩි ලෙසම අසාධාරණයට ලක්වූ පාර්ශවය වන්නේ ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. වසර 7 ක කාලයක් පුරා, නියමිත ක්‍රීඩා ආම්පන්න නොලැබීම හේතුවෙන් ඔවුන්ට ඒවා පුහුණුවීම් සඳහා භාවිතා කිරීමට තිබූ අවස්ථාව මඟහැරී ගොස් ඇත.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපති කෝකිල කළුආරච්චි මහතා කියා සිටියේ මෙම භාණ්ඩ තොගය ආනයනය කිරීම සඳහා සංගමයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ජාතික සංගමය වශයෙන් තමන් ඇතුළු කණ්ඩායම මැදිහත් වූයේ ආනයනය කළ යුතු භාණ්ඩවල ගුණාත්මක භාවය නිර්දේශ කිරීම සඳහා පමණක් බවය.

මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ටෙන්ඩරය ලබාගත් සමාගමේ හිමිකරු සම්බන්ධ කරගැනීමට ‘ලංකාදීප’ කිහිපවරක්ම උත්සාහක කළද, ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ විය.

-036  

 


අදහස් (0)

ටෙන්ඩර් දෙකක්ම ගිල්ලත් බඩු ගෙනත් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.