Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික් අසීරු ගමනක
ප්‍රංශ විවෘත තරගාවලිය

ජොකොවික් අසීරු ගමනක

editorial - 2023 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකොවික්, පිට පිටම 14 වැනි වතාවටත් ප්‍රංශ විවෘත තරගාවලියේ සිව්වැනි වටයට සුදුසුකම් ලබාගත් නමුත් එය තරුණ ක්‍රීඩකයන් හමුවේ, අසීරුවෙන් කළ හපන්කමක් වූයේය. මේ අතරවාරයේදී කාන්තාවන් අතර තුන්වැනි පේළිය හිමිකරගෙන සිටි ජෙසිකා පෙගුලා සහ ක්‍රීඩකයන් අතර හත්වැනි පේළිය හිමිකරගෙන සිටි ඇන්ඩි්‍ර රුබ්ලෙව් පරාජය වී ඉවත ගියහ. 

කොසෝවෝ අර්බුදය පිළිබඳ ජොකොවික් කළ ප්‍රකාශයක් පසුගිය සතියේ පුවත් පත් වල සිරස්තල නිර්මාණය කළේය. එහෙත් ටෙනිස් පිටියේදී ඔහු කළ හපන්කම් නම් ඒ තරම් අවධානය දිනාගත්තේ නැත. කෙසේ වෙතත් ජොකොවික් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබාගත්තේ මේ දක්වා වටයක් හෝ පරාජය නොවෙමිනි. 

ක්‍රීඩකයන් අතර 29 වැනි පේළිය හිමි ස්පාඤ්ඤයේ ඇලෙක්සැන්ඩර් ඩේවියෝවිත් සමග පැවැති තරගය උණුසුම් මුහුණුවරක් ගත් නමුත් අවසානයේදී සර්බියානුවාට ජය හිමිවිය. 

“මම හිතුවා මම දෙවැනි කාණ්ඩය පැරදුණොත් අපි අද පැය පහක් විතර ක්‍රීඩා කරයි කියලා, නමුත් මම මගේ දක්ෂතාව ගැන ආඩම්බර වෙනවා” ජොකොවික් පැවසීය. 

ප්‍රංශ විවෘත ශූරතාවලිය දෙවරක්ම ජයගෙන ඇති ජොකොවික්, පසුගිය වසර 13 තුළම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. මෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේදී පේරු ජාතික ජුවාන් පැබ්ලෝ වරිලාස් සමඟින් ජොකොවික් තරග වදිනු ඇත.

මේ වන විට 36 හැවිරිදි ජොකොවික්, ප්‍රංශ විවෘත තරගාවලියේ ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රිඩකයෙකි. ඔහු සෙරීනා විලියම්ස්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ 23 ට වඩා එකක් පසුපසින් සිටින්නෙකි. ලෝකයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා (24 ක්) හිමිකරගෙන සිටි මාග්‍රට් කෝට් අභිබවා යාමට නම් ජොකොවික්ට තවත් මුල් පෙළේ ජයග්‍රහණ දෙකක් අවශ්‍ය වේ. 

- 213


අදහස් (0)

ජොකොවික් අසීරු ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.