Last Update  :  2025-05-05 11:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරිය අනීකා

ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරිය අනීකා

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 102 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ බාලිකා (වයස 18 පහළ) කේවල ශූරතාව දිනාගැනීමට අනීකා සෙනෙවිරත්න සමත් වූවාය. අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් (6/1, 6/2) ලෙස අන්‍යා ගුණවර්ධන පරාජය කරමින් ඇය මෙවර ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත් වූවාය.  

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/3, 6/2) ලෙස සවිනි ජයසූරිය පරාජය කරමින් අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අන්‍යා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/1, 5/0) ලෙස ජනාලි මනම්පේරි පරාජය කරමිනි.

එම ශූරතාවට අමතරව අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයේ කේවල ශූරතාව සහ යුගල ශූරතාවද තමන් සතුකර ගැනීමට අනීකා සෙනෙවිරත්න සමත් වූවාය. වයස 16 න් පහළ කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් (6/4, 6/4) ලෙස අංජලිකා කුරේරා පරාජය කළ අනීකා, එම වයස් කණ්ඩයේ යුගල තරගයේදී ඇලනා සෙනෙවිරත්න සමග එක්ව අංජලිකා කුරේරා සහ සතී සිල්වා පරාජය කළේ තරග වට 2-0 ක් (6/3, 6/1) ලෙසිනි.

මෙවර තරගාවලියේ විවෘත අංශයේ කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ශූරතා ද්විත්වය දිනාගැනීමටද අනීකා සමත් වූ අතර ඇය කාන්තා යුගල ඉසව්වේදී ජිත්මි ජයවික්‍රම සමගින්ද, මිශ්‍ර යුගල ඉසව්වේදී දිනේෂ්කාන්තන් තංගරාජා සමගින්ද එක්ව තරග වැදිණ.

ඒ අනුව මෙවර ජාතික ටෙනිස් ශූරතාවලියේ වැඩිම ශූරතා ගණනක් දිනාගත් ක්‍රීඩිකාව බවට  අනීකා සෙනෙවිරත්න පත්වූ අතර එහිදී ඇය දිනාගත් ශූරතා ගණන 5 ක් (විවෘත කාන්තා යුගල, විවෘත මිශ්‍ර යුගල, වයස 18 පහළ කේවල, වයස 16 පහළ කේවල, වයස 16 පහළ යුගළ) විය.

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරිය අනීකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.