Last Update  :  2025-07-04 11:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ උතුර දෙවැනි වරටත් ශූරතාව දිනා ගනී
අවුරුදු 19න් පහළ යොවුන් ලීග් තරගාවලිය

කොළඹ උතුර දෙවැනි වරටත් ශූරතාව දිනා ගනී

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා යොවුන් ලීග් (වයස අවුරුදු 19න් පහළ) අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් දිනා ගැනීමට කොළඹ උතුර පිල සමත්විය. අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී සඳුදා (30 වැනිදා) පැවැති අවසන් තරගයේදී කොළඹ දකුණ පිල  කඩුලු 5 කින් පරාජය කිරීමට කොළඹ උතුර පිල සමත්විය. 

අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කොළඹ උතුර පිලේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොළඹ දකුණ කණ්ඩායම ඕවර 50 ක් තුළදී ලකුණු 232 කට සීමා කිරීමට කොළඹ උතුර පන්දු යවන්නෝ සමත් වූහ. 
 
කොළඹ දකුණ ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් සුවහස් ප්‍රනාන්දු (80) සහ රෙහාන් පීරිස් (53) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ. ආරම්භක පිතිකරු සුවහස් ප්‍රනාන්දු පන්දු 123 කදී  හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80 ක් රැස් කළ අතර, අනෙක් ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් පන්දු 69කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් රැස් කළේය.  

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුර පිල තම ජයග්‍රාහී ඉලක්කය ඕවර 40.5 කදී සම්පූර්ණ කළේය. ආරම්භක පිතිකරු යුගල වූ දුල්නිත් සිගේරා සහ  අවීෂ සමාෂ් (45) පළමු කඩුල්ලට ලකුණු 114 ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැගූහ. දුල්නිත් සිගේරා පන්දු 60කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැකවූ දහම් නිර්මාල් ලකුණු 73කට කඩුලු 3ක් බිඳ හෙළීය.

පසුගිය ජුනි මස 22 දින ඇරඹි මෙම තරගාවලියට දිවයිනේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් 80 දෙනෙක්ගෙන් සමන්විත කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන සුපිරි පළාත් කණ්ඩායම් තරග වැදුණහ.


තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - චාමික හීනටිගල (කොළඹ උතුර)
අවසන් තරගයේ වීරයා - දුල්නිත් සිගේරා (කොළඹ උතුර)
තරගාවලියේ දක්ෂතම පිතිකරු - දිමන්ත මහවිතාන (මහනුවර)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා - සුමේධ ප්‍රසාද්  (මහනුවර)

කොළඹ දකුණ 19න් පහළ පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 232 යි
(සුවහස් ප්‍රනාන්දු 80, රෙහාන් පීරිස් 53, හිරුන් මතීෂ 22, විමත් දින්සර 18, දහම් නිර්මාල් 17, ජේසන් ප්‍රනාන්දු 16, පූර්ණ කල්හාර 27/2, මානස මධුභාෂණ 35/2)

කොළඹ උතුර 19න් පහළ පිල - ඕවර 40.5 කදී කඩුලු 5 ක් දැවී  233 යි
(දුල්නිත් සිගේරා 68, අවීෂ සමාෂ් 45, සෙනුජ වැකුණුගොඩ 41, චාමික හීනටිගල නොදැවී 29, පූර්ණ කල්හාර 19, දහම් නිර්මාල් 73/3)


අදහස් (0)

කොළඹ උතුර දෙවැනි වරටත් ශූරතාව දිනා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.