Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කි‍්‍රකට් බලා පාසලෙන් දොට්ට දැමු එළියට්

කි‍්‍රකට් බලා පාසලෙන් දොට්ට දැමු එළියට්

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වසර 1992 ලෝක කුසලාන තරගමාලාව නැරැඹූ දකුණු අපි‍්‍රකානු පාසල් සිසුවකුට පාසලෙන් තහනමක් පැනවිණි. නමුත් පසුකළෙක ඔහුට වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩකයකු ලෙස ජීවිතය ඇරැඹීමේ ගමන් මාර්ගය ඒ හරහාම විවරවීමද දෛවෝපගත සිදුවීමකි.

අදාළ සිදුවීමට වසර 23 කට පසුව මේ තුන්ඉරියව් කී‍්‍රඩකයාට 2015 ලෝක කුසලාන තරගාවලියට එක්වීමට වාසනාව උදාවූ අතර එය සිදුවූයේ ද ඔහුගේ වසර දෙකක ජාත්‍යන්තර කි‍්‍රකට් තරග තහනම නිමාවීම හේතුවෙනි.

තරමක් ලොකු දෑස් ඇති 12 හැවිරිදි දකුණු අපි‍්‍රකානු කොලූ ගැටයකු එදා නවසීලන්තයේ හා  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති ලෝක කුසලාන තරගමාලාව රූපවාහිනිය මගින් නරඹමින් සිටියේය. දශක ගණනාවක් ජාත්‍යන්තර කී‍්‍රඩා පිටියෙන් ඉවත් කරනු ලැබ සිටි දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පිලේ ලෝක කුසලාන පුනරාගමනය පාසල් නොගොසින් නැරැුඹීමට එදා ඔහුගේ මවගේ අවසරය ලැබී තිබිණි. නමුත් අවාසනාවකට මෙන් එය පාසලට දැන්වීමට ඔහුට නොහැකි විය.

”ඒ් සතිය පුරාම මාව පාසලෙන් හා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් තහනම් කළා..එදා තමයි මම හිතාගත්තේ කවදාහරි වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වෙනවාමයි කියලා” යයි පසුගිය මාසයේදී ඩොමීනියන් පුවත්පතට එළියට් හෙළිදරව් කළේය.

ඔහු අධ්‍යාපනය ලැබුවේ දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවර සාන්ත ස්ටිතියන්ස් විදුහලේය. එය මයිකල් ලම්බ් සහ ජොනතන් ට්රොට් වැනි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් කිහිපදෙනකුටම කි‍්‍රකට් සිප් සතර කියාදුන් විදුහලකි.  

එළියට් හැදී වැඩුණේ දකුණු අපි‍්‍රකාවේය. එහෙත් ගෝටෙන් පළාතේ ආගමික ගැටුම් උත්සන්නවීමත්, අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයකු විමට තිබූ අභිලාෂයත් නිසා 2001 දී ඔහු නවසීලන්තයට සංක‍්‍රමණය විය.

ඔහුගේ අන්තර්ජාතික කි‍්‍රකට් දිවිය ආරම්භ වූයේ 2008 වසරේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී වුවත් ඔහුගේ දස්කම් වැඩිපුරම පෙනුණේ එක්දින තරගවලදීය.

පසුගිය වතාවේදී ලෝක කුසලාන තරගමාලාව සඳහා නවසීලන්ත පිල තෝරාගනිද්දී ඒ වනවිට මාස 9 ක්ම කණ්ඩායමට කී‍්‍රඩා කර තිබූ එළියට්ද ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් වීමට පෙරුම් පුරමින් සිටියේය. නමුත් එවර ලෝක කුසලාන තරගමාලාවට ගිය නවසීලන්ත පිලට එළියට් ඇතුළත් නොවීම පුදුමයට කරුණක් විය.

වසර 2013 දී ඔහු නැවත කණ්ඩායමට එක්වී සිටියේය. නමුත් එවර ශී‍්‍ර ලංකා සංචාරයෙන් පසු ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තිබිණි. එසේ වුවත් පසුගිය මාසයේදී ඔහු ලෝක කුසලාන තරගාවලියට යන නවසීලන්ත පිලට නම් කිරීම නවසීලන්තයේ සුපිරි වෙළඳසැල් වලත්, අවන්හල් වලත් නිතර නිතර මාතෘකාවක් බවට පත්විය.

බොහෝ අය සිතා සිටියේ කෝරී ඇන්ඩර්සන් සමග කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස ජේම්ස් නීෂම් නම් කරනු ඇතැයි කියාය. නීෂම් ටෙස්ට් කී‍්‍රඩාවට නම් කදිමට ගැලපෙන නමුත් ඔහුට එක්දින කී‍්‍රඩාවට අනුවර්තනය විය නොහැකිය.

මතභේදයට තුඩුදුන් කී‍්‍රඩකයකු වන ජෙසී රයිඩර් කණ්ඩායමට ඇතුළත් නොකිරීමත්, බ්‍රෙන්ඩන් මැකලම්  ආරම්භක පිතිකරු ලෙස ඉහළට යාමත් නිසා කණ්ඩායමේ අංක 5 ස්ථානයේ පුරප්පාඩුවක් ඇතිවිය.

පුහුණුකරු මයික් හෙසන් කියා සිටියේ තමාට අවශ්‍ය වන්නේ  ඕවර කිහිපයක් පන්දු යැවීමේ හැකියාව ඇති එහෙත් ඉදිරිපෙළ පිතිකරුවන් පස්දෙනා අතරට එක්විමේ හැකියාව තිබෙන කී‍්‍රඩකයකු බවයි.

ඒ වෙද්දී එළියට් නවසීලන්තයේ දේශීය තරග වලදී දස්කම් දක්වමින් සිටියේය.

එමෙන්ම  ඕස්ටේ‍්‍රලියාවේ තණතීරුවලට හැඩ ගැසීමට ඔහුට ඇති අත්දැකීම්ද කණ්ඩායමට එක්වීමේ දී ඔහුගේ වාසියට හිටියේය.  

එක්දින තරග 60 කට සහභාගි වී තිබූ එළියට්ගේ ඉනිමක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 34.00 කට වඩා අඩු මට්ටමක පවතින නමුත් ඔහු නවසීලන්තයේ දී සහභාගි වූ තරගවල දී එය 47.36 ක් පමණ විය. එළියට්  ඕස්ටේ‍්‍රලියාවේ දී සහභාගි වූ තරගවල සාමාන්‍යය ඊටත් වඩා  වැඩිය. එය 52.50 ක් විය. ලබන මාසයේදී ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී 2009 වසරේ පැවැති තරගයක නොදැවී ලකුණු 61 ක් රැස් කිරීමට ද එළියට් සමත්විය.

ඔහු නැවත කණ්ඩායමට එක්වූවාට පසුව ලකුණු 344 ක් රැස් කර තිබෙන අතර එහි සාමාන්‍යය 57.33 කි. ඊට ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුලත්විය. ඔහු යළි කණ්ඩායමට එක්වීමෙන් මහත් ආශ්වාදයට පත්වී සිටී.

”කාලේ මගේ ඉලක්කය හුඟාක් ඉහළින් තිබුණේ. මම මා තුල පීඩනයක් ඇති කරමින් එය සඵල කරගැනීමේ අධිෂ්ඨානකයි සිටියේ” යයි එළියට් කියයි.


අදහස් (0)

කි‍්‍රකට් බලා පාසලෙන් දොට්ට දැමු එළියට්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.