Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින ශූරතාව එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට
අන්තර් සමාජ පළමු පෙළ

එක්දින ශූරතාව එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට

editorial - 2024 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අද (16 වැනිදා) සමත් විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 71 ක පහසු ජයක් වාර්තා කරමින් එස්.එස්.සී. ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය සෙබස්තියනයිට්ස් කණ්ඩායමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ එස්.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 42 ක් අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත්, නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 201 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිෂාන් සංජුල පන්දු 125 කින් ලකුණු 84 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. තරිඳු රත්නායකගේ පන්දුවක් හමුවේ චාමිකර එදිරිසිංහ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑම හේතුවෙන් සංජුලට ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. 

ලකුණු 121 කට කඩුලු 6 ක් බිඳවැටුණු අවස්ථාවේදී චමිඳු වික්‍රමසිංහ (නොදැවී 36) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 77 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එස්.එස්.සී. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙනයෑමටද සංජුල සමත් විය. එස්.එස්.සී. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි චමිඳු පන්දු 70 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමග ලකුණු රැස්කළේය. 

එහිදී දැක්වූ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ක්‍රිෂාන් සංජුල, අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර තරගාවලිය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ දුෂාන් විමුක්ති (ලකුණු 270 ක් සහ කඩුලු 15 ක්) තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්හ. තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස ගාල්ල කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරියද (ලකුණු 435), දක්ෂතම පන්දු යවන්නා ලෙස බී.අර්.සී කණ්ඩායමේ මර්වින් අභිනාෂ්ද (කඩුලු 23) සම්මාන ලැබූහ. 


එස්.එස්.සී. පිල ඕවර 50 කදී - කඩුලු 8 දැවී 201 
(ධනුෂ්ක ගුණතිලක 23, ෂෙවෝන් ඩැනියෙල් 35, ක්‍රිෂාන් සංජුල 84, චමිඳු වික්‍රමසිංහ නොදැවී 36, ඉසිත විජේසුන්දර 39/2, දුෂාන් විමුක්ති 39/2, චාමිකර එදිරිසිංහ 40/2) 

සෙබස්තියනයිට්ස් පිල ඕවර 42 කදී - සියලු දෙනා දැවී 130 
(ඉසිවර දිසානායක 19, තෙවිඳු සේනාරත්න 16, ප්‍රමෝද් මධුවන්ත 21, චාමිකර එදිරිසිංහ 37, ඉසිත විජේසුන්දර 17, ප්‍රභාත් ජයසූරිය 25/3, ගිහාන් බාලසූරිය 21/2, නුවනිඳු ප්‍රනාන්දු 31/2) 


අදහස් (0)

එක්දින ශූරතාව එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.