Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය උපරිමාධිකරණය ශී‍්‍රනිවාසන්ට අස්වෙන්න කියයි

ඉන්දීය උපරිමාධිකරණය ශී‍්‍රනිවාසන්ට අස්වෙන්න කියයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

නීති විරෝධී තරග පාවාදීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් වන තුරු සිය තනතුරෙන් ඉවත් වන ලෙස ඉන්දීය උපරිමාධිකරණය විසින් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාට දනුම් දෙනු ලැබ ඇත. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා මේ දක්වා තනතුරේ රැඳී සිටීමත් පිළිකුල් සහගත බවද ඉන්දීය විනිසුරුවෝ ප‍්‍රකාශ කරති.

කි‍්‍රකට් ලෝකයේ මේ වන විට සිටින ඉතාමත් බලසම්පන්න පුද්ගලයා ලෙසින් සැලකෙන එන්. ශී‍්‍රනිවාසන් මහතා සිය තනතුරෙන් ඉවත් නොවන්නේ නම් ඒ සඳහා නියෝගයක් නිකුත් කිරීමට සිදුවන බවත් විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලය විසින් ප‍්‍රකාශ කරනු ලැබ තිබේ. ශී‍්‍රනිවාසන් මහතා තවදුරටත් මෙම තනතුරේ රැඳී සිටීම ඔහුගේ බෑණනුවන්ද ගෑවී සිටින තරග පාවාදීම සම්බන්ධ පරීක්‍ෂණ සඳහා මහත් බාධාවක් බවද ඉන්දීය උපරිමාධිකරණය පවසයි.

”ඉන්දීය කි‍්‍ර. පා. ම, සභාපතිවරයා සිය තනතුරෙන් ඉවත් නොවන්නේ නම් එතැන සාධාරණ පරීක්‍ෂණයක් තියෙන්න බෑ. ඒ තත්ත්වය හරිම පිළිකුල් සහගතයි” යයි විනිසුරු ඒ. කේ. පට්නායික් මහතා නවදිල්ලි අධිකරණයේදී පැවසීය.

”ඔහු ඉවත් නොවන්නේ නම් අපි නියෝගයක් දෙනවා” යයිද විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය වසරේදී පැවැති ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේදී සිදුවූ නොමනා සිදුවීම් සහ තරග පාවාදීම් සම්බන්ධයෙන් සකස් කරන ලද ‘මුකුල් මුද්ගල්’ කමිටු වාර්තාව පිළිබඳව මෙම විනිසුරුවරු අධ්‍යයනය කරති.

ඉකුත් පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද මෙම වාර්තාවෙන් කියැවුණේ ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් මහතාද මෙම චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු විය හැකි බවයි. මෙම වාර්තාවෙන් හෙළිදරව් වූ කරුණු, තවත් මාස 3 කින් පමණ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපති තනතුර බාරගැනීමට සූදානම් වන ශී‍්‍රනිවාසන් මහතාගේ කීර්ති නාමයට විශාල කළු පැල්ලමක් විය.

ඉන්දියාවේ සිටින අති විශාල රූපවාහිනී පේක්‍ෂක පිරිස නිසා කී‍්‍රඩාවෙන් උපයන මුදලින් සියයට 70 ක් පමණ උපයා දෙන බැවින් කි‍්‍රකට් කී‍්‍රඩා කරන රටවල් අතර ඉන්දියාව ලෝකයේ ඉතාමත් බලසම්පන්න රට බවට පත්ව තිබේ.

අයි. පී. එල්. තරගාවලියේ කී‍්‍රඩා කරන ‘චෙන්නායි සුපර් කිංග්ස්’ කණ්ඩායමේ ප‍්‍රධානියා වන්නේ ගුරුනාත් මෙයියප්පන් මහතාය. ශී‍්‍රනිවාසන් මහතා සභාපතිත්වය දරන ඉන්දියා සිමෙන්ති සමාගමට අයත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකයා වන්නේද ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකයාද වන මහේන්ද්‍ර සිං දෝනිය.

අයි. පී. එල්. තරගාවලියේදී කණ්ඩායමේ තොරතුරු ඔට්ටු බාරගන්නන් අතට පත්කිරීමට ගුරුනාත් මෙයියප්පන් මහතා සහාය වන්නට ඇතැයි ‘මුකුල් මුද්ගල්’ කමිටු වාර්තාවෙන් කියැවේ. කෙසේ වෙතත් ඒ කුමන ආකාරයේ තොරතුරුද එම තොරතුරු කවුරුන් අතට පත්කළේද යන්න පිළිබඳව සඳහන් නොකෙරේ.

”මේ චෝදනා ඉතාමත් බරපතළයි...ඒත් විමර්ශන කමිටුවේ සොයාගැනීම් අනුව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය කටයුතු කරාවිද කිය එක විශාල ප‍්‍රශ්නයක්” යයි විනිසුරු ඒ. කේ. පට්නායික් මහතා පැවසීය.

ව්‍යාජ ලිපි ලේඛණ සැකසීම, වංචා, අපරාධ සම්බන්ධ කුමන්ත‍්‍රණය කිරීම් සහ කොන්දේසි කඩකිරීම් මෙන්ම ඔට්ටු බාරගන්නන් වෙත කණ්ඩායමේ තොරතුරු දීම වැනි චෝදනා රැුසකටම මේ පිරිස සම්බන්ධ යයි පොලිසියද සැක කරයි.

ශී‍්‍රනිවාසන් මහතා සභාපතිත්වය දරන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පිළිගත නොහැකි කොන්දේසි හේතුවෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරන තරගාවලි ආවරණය කිරීමෙන් අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවාවන් වැලකී සිටී. ඒ අතර ප‍්‍රංශ
පුවත් සේවය මෙන්ම රොයිටර් පුවත් සේවයද වෙයි.


අදහස් (3)

ඉන්දීය උපරිමාධිකරණය ශී‍්‍රනිවාසන්ට අස්වෙන්න කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.