Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අලුත් ක්‍රීඩා ඇමති හිත අංගම් පොර පිටියට

අලුත් ක්‍රීඩා ඇමති හිත අංගම් පොර පිටියට

editorial - 2022 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දේශීය අංගම්පොර සටන් කලාවට යටත් විජිත යුගයේ පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත් කර එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ක්‍රීඩාවේ ඉදිරි ගමන්මග හා ක්‍රීඩා ආර්ථිකයට දායක විය හැකි ක්‍රීඩාවන් හඳුනාගැනීම සඳහා පසුගියදා අමාත්‍යාංශ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක් අතරතුරදී අමාත්‍යවරයා මේ බව පවසා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ පුරාණයේ සිටම පැවතඑන සටන් ක්‍රමයක් ලෙස අංගම් සටන් ශිල්පයට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. රාවණා යුගයේ සිටම මෙකී සටන් කලාව පැවත එන බවත්, පසුකාලීනව රජවරුන් විසින් යුද්ධවලදී මෙකී සටන් ශිල්පය යොදාගෙන ඇති බවත් ජනප්‍රවාදවලින් කියැවේ.
 
ප්‍රධාන ගුරුකුල කිහිපයක් යටතේ, විවිධ ප්‍රභේද කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම සටන් කලාව ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ තහනමට ලක්කරනු ලැබිණ. ඉන්පසු එවකට සිටි අංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්තන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වාගෙන ගිය බවත්, පරම්පරාගතව එම ශිල්පය උරුම වී ඇති බවත් මේ පිළිබඳ ඉතිහාසය අධ්‍යයනයේදී පෙනී ගොස් ඇතැයිද ක්‍රීඩා අමාත්‍යංශය කියයි.

ක්‍රීඩා ආර්ථිකයක් මෙන්ම ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීමේ වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැති සාම්ප්‍රදායික ක්‍රීඩා අතුරින් ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන්ම සංස්කෘතික උරුමයක්ද වශයෙන් වැදගත්වන අංගම් සටන් කලාව ප්‍රවර්ධනය කිරීමට තෝරාගෙන ඇත. මෑතකාලයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව විවිධ අමාත්‍යාංශ මගින් මෙම ශිල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

ක්‍රීඩාවක් සහ ශාරීරික ව්‍යායාමයක් වශයෙන් අංගම් සටන් ශිල්පයේ ඇතිකොටස් යොදා ගැනීමටත්, ඒ හරහා මෙම වටිනා සාම්ප්‍රදායික ශිල්පය ආරක්ෂා කර ජනගත කිරීමත් කෙරෙහි මෙම සාකච්ඡාවෙන් අනතුරුව අවධානය යොමුවිය. ඒ සඳහා පහත ක්‍රියාමාර්ග ඔස්සේ අංගම් සටන් ශිල්පය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

■    අංගම් සටන් කලාවට අදාළ පසුබිම සෙවීම.
■    ඉතිහාසය පිළිබඳ තොරතුරු සම්බන්ධ පර්යේෂණ පැවැත්වීම
■    පර්යේෂණ පරිසංවාද සංවිධානය කිරීම.
■    එම තොරතුරු මුද්‍රිත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීම.
■    දැනට අංගම් සටන් කලාවේ යෙදෙන ශිලිපීන් සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම
■    සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරමින්, සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සංදර්ශනාත්මක ප්‍රසංග සංවිධානය කිරීම
■    ශාරීරික අධ්‍යාපන විෂයය තුළට මෙම අංගම් සටන් කලාවේ සුදුසු කොටස් එක්කිරීම සඳහා අදාළ ආයතන සමග කටයුතු කිරීම
■    අංගම් පොර ක්‍රීඩාව මගින් ඉදිරි පරම්පරාව ජවසම්පන්න කිරීම

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුඑ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූ බවද අමාත්‍යංශ තොරතුරු වලින් දැනගත හැකිය.
   


අදහස් (0)

අලුත් ක්‍රීඩා ඇමති හිත අංගම් පොර පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.