Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හේරත් වමතින් නවසීලන්තයම කරකවයි

හේරත් වමතින් නවසීලන්තයම කරකවයි

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවස්ථා දෙකකදී (2009 සහ 2012) අනු ශූරතාවයෙන් සෑහීමකට පත්ව සිටි ශ්‍රී ලංකාවට, විස්සයි20 ලෝක කුසලානයක පහස විඳගැනීමට හැකි වූයේ 2014 වසරේදීය.

  වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය
   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය
   වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට
   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි
   ඩිල් ස්කූප් පහරේ උපත

අවසන් පූර්ව තරගයේදී ලකුණු 27 කින් බටහිර ඉන්දීය කොදෙව් පිලත්, අවසන් මහ තරගයේදී කඩුලූ 6 කින් ඉන්දියාවත් පරාජය කළ ශ්‍රී ලංකාවට එම තරග දෙකට පිවිසීමට පෙර මූලික වටය යටතේ පැවැති අවසන් තරගය ඉතා තීර්ණාත්මක තරගයක් බවට පත් විය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු කාණ්ඩය යටතේ පැවැති එම තරගය අර්ධ අවසන් පූර්ව තරගයක ස්වරූපයක් ගත්තේ එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා බැවිනි. ඒ වන විට කණ්ඩායම් දෙකම තරග 3 කට සහභාගි වී ඉන් තරග 2 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්වී තිබීම ඊට හේතුවිය.

ඉන් දින දෙකකට පෙරාතුවම දකුණු අපි‍්‍රකානුවෝ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියහ. එබැවින් එම තරගයෙන් පරාජය වන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබිණ.
 
එවැනි තත්ත්යක් යටතේ මාර්තු මස 31 වැනිදා චිතගොන් නුවරදී පැවැති ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගය සඳහා එතෙක් තරගාවලියේ එක් තරගයකට හෝ කී‍්‍රඩා කර නොසිටි වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය නිර්භීත තීරණයක් ගත්තේය. රංගන හේරත් මෙම තරගයට කැඳවන්නේ, එතෙක් ශ්‍රී ලංකාව කී‍්‍රඩා කළ තරග 3 දී කඩුලූ 4 ක් දවාගෙන සිටි අජන්ත මෙන්ඩිස්ව බංකුවේ රඳවමිනි. එම කාල වකවානුව තුළ නවසීලන්ත කණ්ඩායම සතුව වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩකයකු නොසිටීමද එම වෙනස්කම කිරීමට ප‍්‍රධානතම හේතුවක් විය.

තරගාවලියේ මුල් කොටසේදී තුරුම්පු සඟවාගෙන සිට අවසන් මොහොතේ තුරුම්පු එළියට අදින්නාක් මෙන් එම තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම, හේරත්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ නවසීලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී  ඕවර 3.3 ක් යවමින් නිලකුණු  ඕවර 2 ක්ද සමගින් ලකුණු 3 කට කඩුලූ 5 ක් බිඳහෙළීමට හේරත් සමත් වූයේ නවසීලන්ත පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යවමිනි.

හේරත්ගේ එම පන්දු යැවීම එවකට විස්සවි20 තරගයකදී පන්දු යවන්නකු දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8 කට කඩුලූ 6 ක්ද,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 16 කට කඩුලූ 6 ක්ද දවාගෙන සිට අජන්ත මෙන්ඩිස් ඒ වන විට විස්සයි-20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ හේරත්ට ඉහළින් සිටියේය.

එහෙත් මෙම තරගය සඳහා හේරත් කැඳවන්නේ අජන්ත මෙන්ඩිස් බංකුවේ රඳවමිනි. රංගන හේරත්ගේ විස්සයි20 කී‍්‍රඩා දිවිය තරග 17 කට සීමා වූ අතර එහිදී ඔහු තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත් එකම තරගය මෙය විය.

බ්‍රෙන්ඩන් මැකලම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම  ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 119 කට සීමා කිරීමට ටෙ‍්‍රන්ට් බෝල්ට් සහ ජේම්ස් නීෂම් ප‍්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී කඩුලූ 3 බැගින් දවාගත් බෝල්ට් සහ නීෂම් ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පෙරමුණ ගත්හ.

නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මහේල ජයවර්ධන (25) සහ ළහිරු තිරිමාන්න (20) හැරුණු කොට සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකර යෑමට පවා නොහැකි වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 120 ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම ලකුණු 60 කට සීමා කිරීමට හේරත් ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. නවසීලන්ත ඉනිමේ කඩුලූ 5 ක්ම තමන් සතුකර ගැනීමට සමත් වූ හේරත්, දුවද්දී දවාගැනීම් දෙකකටද දායක වෙමින් ශ්‍රී ලංකා ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. ලකුණු 3 කට කඩුලූ 2 ක් දවාගත් සචිත‍්‍ර සේනානායක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කිරීම සඳහා හේරත්ට අනගි සහායක් දුන්නේය.

සිවුවැනි  ඕවරයේදී පන්දුව අතට ගත් හේරත් එහි පළමු පන්දුවේදීම දක්ෂ පන්දු රැුකීමක නිරත වෙමින් මාටින් ගප්ටිල් (5) දුවද්දී දවාගැනීමකට හසුකර ගත්තේය. එම  ඕවරයේ ඊළඟ පන්දු 4 දීම ලකුණක් ලබාගැනීමට අපොහොසත්ව සිටි බ්‍රෙන්ඩන් මැකලම් (0) අවසන් පන්දුවට ඉදිරියට පැන පහරක් ගැසීමට යෑමේදී කුමාර් සංගක්කාරගේ ස්ටම්ප් කිරීමකට හසු විය. හයවැනි  ඕවරයේ පස්වැනි පන්දුවේදී රොස් ටේල්ර් (0) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත් හේරත්, අවසන් පන්දුවේදී ජේම්ස් නීෂම්ගේ (0) කඩුල්ලද බිඳ දමමින් එය නිලකුණු  ඕවරයක් බවට පත් කළේය.

අටවැනි  ඕවරයේ තෙවැනි පන්දුවේදී ලූක් රොන්කිව (2) පිටියෙන් ඉවත් කළ හේරත්, කෙටි විවේකයකින් අනතුරුව යළිත් 16 වැනි  ඕවරය යැවීම සඳහා පැමිණි අතර ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 59 කට කඩුලූ 8 ක් ලෙස සටහන්ව තිබිණ.

පළමු පන්දුවේදී ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව කේන් විලියම්සන්ව දුවද්දී දවාගැනීමකට හසුකරගත් හේරත්, තෙවැනි පන්දුවේදී ටෙ‍්‍රන්ට් බෝල්ගේ කඩුල්ලද බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදා අමතක නොවන ජයග‍්‍රහණයක් අත්කර දුන්නේය.


ශ්‍රී ලංකාව -  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 119
(කුසල් පෙරේරා 16, මහේල ජයවර්ධන 25, ළහිරු තිරිමාන්න 20, තිසර පෙරේරා 16, සචිත‍්‍ර සේනානායක 17, ටෙ‍්‍රන්ට් බෝල්ට් 20/3, ජේම්ස් නීෂම් 22/3, මිචෙල් මැක්ලෙනගන් 24/2)

නවසීලන්තය -  ඕවර 15.3 කදී සියලූ දෙනා දැවී 60
(කේන් විලියම්සන් 42, රංගන හේරත් 03/5, සචිත‍්‍ර සේනානායක 03/2)  

(සැකසුම - ශානුක අරවින්ද)

 


අදහස් (0)

හේරත් වමතින් නවසීලන්තයම කරකවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.