Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය

ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය

editorial - 2021 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 කි‍්‍රකට් ඉතිහාසයේ 7 වැනි ජාත්‍යන්තර තරගය. එය ශි‍්‍ර ලංකාව සහභාගි වූ මංගල විස්සයි20 තරගයද විය.

    වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය

විස්සයි20 කි‍්‍රකට් ආකෘතිය ලොවට හඳුන්වාදුන් එංගලන්තය එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රතිවාදියා බවට පත් විය. 2006 වසරේ ජූනි මස 15 වැනිදා සදම්ප්ටන්හිදී රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති එම තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ වෙද්දී, පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එක ලෙස දස්කම් දැක්වූ සනත් ජයසූරිය තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගනිමින් එංගලන්ත කණ්ඩායමට සිය මව් බිමේදීම අන්ත පරාජයක් උරුමකර දුන් ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ ජයග‍්‍රාහී මානසිකත්වයකින් යුතුව සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූහ. එක්දින තරගාවලියේදී සනත් ජයසූරිය, උපුල් තරංග සහ නායක මහේල ජයවර්ධන ශතක 2 බැගින් ලබා දිගින් දිගටම ලකුණු අතර සිටීම විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම උත්තේජනයක් වී තිබිණ.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහරදීමට මහේල ගත් තීරණයට උපරිම සාධාරණයක් ඉටුකළ ජයසූරිය සහ තරංග දෙදෙනා, ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 30 කට මුහුණදුන් ජයසූරිය හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක්ද, පන්දු 25 කට මුහුණදුන් තරංග හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද රැුස්කළහ. එහිදී ඔවුන් දෙදෙනාගේම ප‍්‍රහාරාත්මක වේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛයාව* 136 ඉක්මවා තිබිණ.

වමත් කසකාරයන් දෙදෙනාගේ පිතිහරඹය හමුවේ වරෙක කිසිවකු නොදැවී ලකුණු 75 ක් ලෙසින් සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව, පන්දු 14 ක් තුළ ලකුණු 84 කට කඩුලූ 4 ක් බවට පත් වූයේ පෝල් කොලින්වුඞ්ගේ සහ ජැමී ඩැල්රිම්පල්ගේ පන්දු යැවීමත්, පන්දු රැුකීමත් හේතුවෙනි. කොලින්වුඞ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් තරංග දැවී ගිය අතර මුහුණදුන් පළමු පන්දුවේදීම මහේල ජයවර්ධන දුවද්දී දවාගැනීමකට හසු කරගැනීමට ඩැල්රිම්පල් සමත්  වූයේය.

එතැන් පටන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් 9 ක් එක්වන විට කොලින්වුඞ්ගේ පන්දුවක් හමුවේ ජයසූරිය කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් පන්දු 2 කට පසුව ඩැල්රිම්පල්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින් කී‍්‍රකඩ ජෙරන්ට් ජෝන්ස් අතට උඩ පන්දුවක් දෙමින් තිලකරත්න ඩිල්ෂාන්ද ලකුණු 2 කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනි.

කෙසේ වුවත් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක් රැස්කළ කුමාර් සංගක්කාරත්, පන්දු 16 කදී හයේ පහරක් සමග ලකුණු 22 ක් රැස්කළ චාමර කපුගෙදරත්  ඕවර 20 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 163 ක් දක්වා ඔසවා තැබීමට දායකත්වය සැපයූහ. රසල් ආනල්ඞ් (7) සහ ෆර්විස් මහරුෆ් (8) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියද, පන්දු 12 කදී හතරේ පහරක් සමග ලකුණු 13 ක් රැුස්කිරීමට ලසිත් මාලිංග සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම  ඕවර 20 අවසානයේ ලකුණු 161 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ආරම්භක පිතිකරු මාකස් ටෙ‍්‍රස්කොතික් පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 72 ක් රැුස්කරමින් 18 වැනි  ඕවරයේ 4 වැනි පන්දුව දක්වාම කඩුල්ලේ රැුදී සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් හිසරදයක් විය.

දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් ටෙ‍්‍රස්කොතික් දුවද්දී දවාගැනීමකට හසුකරගත් කුමාර් සංගක්කාර, ශ්‍රී ලංකා කණ්ඩායම මතට පැටවී තිබූ පීඩනය දුරු කළ අතර එය තරගයේ හැරවුම් ලක්ෂය ලෙසද සටහන් විය. ඉනිම නිමාවන විට කඩුල්ලේ රැදී සිටි ජෙරන්ට් ජොන්ස් නොදැවී ලකුණු 14 ක්ද, ටිම් බ්‍රෙස්නන් නොදැවී ලකුණු 6 ක්ද ලබාගත් නමුත් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.

මුලූ ලකුණු සංඛ්‍යාව 59 ක් වන විට නායක ඇන්ඩෘ ස්ට‍්‍රාව්ස්ගේ (33) ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට දිල්හාර ප‍්‍රනාන්දු සමත්වූ අතර දැවී යන විට පන්දු 21 කට මුහුණදී සිටි ස්ට‍්‍රාව්ස්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ. ඉන් අනතුරුව කි‍්‍රයාත්මක වූ ජයසූරිය, එංගලන්ත කණ්ඩායමේ භයානකම පිතිකරුවා වූ කෙවින් පීටර්සන් (17) දවාගත්තේ ලසිත් මාලිංගගේ සහයෝගයද ඇතිවය.

පන්දු යැවීමේදී ලකුණු 22 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් වුවද, පන්දුවට පහරදීමේදී වැඩි යමක් කිරීමට පොල් කොලින්වුඞ්ට නොහැකි විය. තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ මහේල ජයවර්ධන අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට කොලින්වුඞ් ලබා සිටියේ ලකුණු 5 ක් පමණි. යළිත් පන්දුව අතට ගත් ජයසූරිය, කඩුල්ල පසුපස සිටි සංගක්කාර සමග එක්ව ජැමී ඩැල්රිම්පල්ගේ ඉනිමද එක් ලකුණකට සීමා කළේය.


ශ්‍රී ලංකාව -  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 163
(සනත් ජයසූරිය 41, උපුල් තරංග 34, කුමාර් සංගක්කාර 21, චාමර කපුගෙදර 22, ලසිත් මාලිංග 13, පෝල් කොලින්වුඞ් 22/4)

එංගලන්තය -  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 161
(මාකස් ටෙ‍්‍රස්කොතික් 72, ඇන්ඩෘ ස්ට‍්‍රාවුස් 33, කෙවින් පීටර්සන් 17, ජෙරන්ට් ජෝන්ස් නොදැවී 14, සනත් ජයසූරිය 32/2)

(සැකසුම - ශානුක අරවින්ද)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.