Last Update  :  2026-05-03 20:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට පදක්කම් 16 ක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය

ශ්‍රී ලංකාවට පදක්කම් 16 ක්

editorial - 2026 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

සැමෝවා  රජ්‍යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලාංකික බර ඉසිලීමේ කණ්ඩායම රිදී සහ ලෝකඩ පදක්කම් 16 ක් දිනා ගත්තේය. රිදී පදක්කම් අටක් සහ ලෝකඩ අටක් ඒ අතර විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ ක්‍රීඩක,ක්‍රීඩිකාවෝ 23 දෙනෙක් සහභාගීවූහ. මේ තරගාවලිය අප්‍රේල් මස  25 සිට මැයි 1දක්වා සැමෝවා රාජ්‍යයේ පැවැත්විණ.

තරගාවලියට සහභාගීවූ රටවල් 40 ක  බර ඉසිලීමේ  ක්‍රීඩක,ක්‍රීඩිකාවන් අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කළ  23 දෙනාගේ කණ්ඩායමෙන් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් 16 දෙනෙකුම පදක්කම් දිනා ගැනීම කැපීපෙනුණි.

ඩී.කේ.යූ.කේ.එස්.ජී. ඉන්ද්‍රතිලක(සෙවනපිටිය විද්‍යාලය -පොළොන්නරුව), කේ.පී.එස්.රවිදු (ඩඩ්ලි සේනානායක විද්‍යාලය-කොළඹ), රමිත රාමනායක(රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල), හසරැලි නිසංසලා(පී.ද.එස්.කුලරත්න විද්‍යාලය), කේ.ඩී.වෙනුර (විජිත විද්‍යාලය-නියාගම), වී.එන්.ටී.වීරසිංහ(රාජකීය විද්‍යාලය-පොළොන්නරුව), ඒ.ඒ.වී.ඩී.අධිකාරී(රාජකීය විද්‍යාලය-පොළොන්නරුව), ජී.එන්.එන්.ද සිල්වා(රාජකීය විද්‍යාලය-පොළොන්නරුව) සහ රිදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අට දෙනාය.

ආර්.ඩබ්ලිව්.එම්.රශ්මිත(ශ්‍රී ලංකා යුධ හමුදාව), දිල්ම නිමේෂ (කිංස්වුඩ් විද්‍යාලය-මහනුවර), ආර්.එල්.එස්.ආර්.ලක්සරණී(ශ්‍රී ලංකා යුද හමුදාව), ආර්.ඒ.ඩී.බී.ජනිත්මා (රාජකීය විද්‍යාලය-නාගොඩ), පී.තරුනන්(හින්දු විද්‍යාලය-යාපනය), බී.ජී.එම්.එස්.කරුණාරත්න(විජය විද්‍යාලය-මාතලේ), ඩී.පී.අයි.එන්.දියලගොඩ(සෙවනපිටිය විද්‍යාලය-පොළොන්නරුව) සහ එච්.එම්.එම්.ඩි.දිසානායක (වලගම්බා විද්‍යාලය-දේවගිරිපුර)  ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක,ක්‍රීඩිකාවෝය.

 

පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම් දිනාදුන් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් සමූහ චායාරූපයකට මුහුණදුන් අයුරුයි මේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 16 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.