Last Update  :  2025-09-17 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හත්වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
යොවුන් පිලේ කොදෙව් සංචාරය

හත්වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිල අතර පැවැති එක්දින තරගාවලියේ හත්වැනි තරගයේදී ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 130 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලාංකිකයෝ ඔවුන්ගේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් කළහ. මෙම තරගාවලිය බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවා දූපතේ, නෝර්ත් සවුන්ඩ් නුවර පිහිටි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී සහ කුලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්විණ. 

විමත් දින්සාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හත්වැනි තරගය ජයගත් නමුත් කොදෙව් යොවුන් ක්‍රීඩකයෝ තරග 4-3 ක් ලෙසින් තරග 7 කින් සමන්විත තරගාවලිය ජයගත්හ.

හත්වැනි තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා එය එක් කණ්ඩායමක් සඳහා ඕවර 26 කට සීමා වූ තරගයක් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් කවිජ ගමගේ සහ විමත් දින්සර අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 180 ක් දක්වා ඉහළ දැමූහ. ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වූයේ ඕවරයකදී ලකුණු 6.93 ක් ලෙසිනි. 

කවිජ ගමගේ පන්දු 38 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51 ක් ලබා ගත් අතර විමත් දින්සර පන්දු 39 කදී නොදැවී ලකුණු 58 ක් ලබා ගත්තේය

කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක කවිජ ගමගේ පන්දුවෙන් ද දස්කම් දක්වමින්, ඕවර 4 කදී ලකුණු 09 කට කඩුලු 4 ක් දවාගත්තේ කොදෙව් යොවුන් පිල අමාරුවේ හෙළමිනි. පිට දඟ පන්දු යවන කවිජ ගමගේගේ පන්දු යැවීම හමුවේ කොදෙව් ඉනිම කඩා වැටිණ. 

කවිජ ගමගේ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය. පිත්තෙන් ලකුණු 269 ක් (සාමාන්‍යය 44.83) ලබාගත් කවිජ, පන්දු යැවීමෙන් කඩුලු 8 ක් දවාගත්තේය. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 15.00 ක් ලෙසින් සටහන් වී තිබණ. 

යාපනය හාර්ට්ලි විද්‍යාලයෙන් පැමිණි දකුණත් පා දඟ පන්දු යවන්නා වන විග්නේෂ්වරන් ආකාෂ් තරගාවලියේ හොඳම පන්දු යවන්නා විය. මෙම තරගාවලියේදී කඩුලු 20 ක් දවාගත් විග්නේෂ්වරන් ආකාශ්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 09.10 ක් ලෙසින් සටහන් විය. 


ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම - ඕවර 26 කදී කඩුලු 5 ක් දැවී 180 යි
(දීමන්ත මහවිතාන 26, විරාන් චමුදිත 25, කවිජ ගමගේ 51, විමත් දින්සර නොදැවී 58, ඊශ්‍රායෙල් මෝර්ටන් 30/3)

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම - ඕවර 14.2 කදී සියලු දෙනා දැවී 62 
(ජොෂුවා ඩෝර්න් 16, පේජේ නෙල්සන් 10, සෙත්මික සෙනෙවිරත්න 20/2, රසිත් නිම්සර 09/2, කවිජ ගමගේ 09/4, විග්නේෂ්වරන් ආකාෂ් 12/2)


- 213

 


අදහස් (0)

හත්වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.