Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිංගප්පූරුවේදී රන් පදක්කම් 3 ක්

සිංගප්පූරුවේදී රන් පදක්කම් 3 ක්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


සිංගප්පූරු විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් දස්කම් දැක්වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලිය සිංගප්පූරුවේදී අද (24) නිමාවට පත්විය.

මැදි දුර ධාවන ශූරී ගයන්ති අබේරත්න රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වූවාය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වූ ශ්‍රී ලංකා උස පැනීමේ ජාතික ශූරයා වන මංජුල කුමාර සිංගප්පූරු තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තේය.

සිංගප්පූරු විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම්


රන් පදක්කම් තුනයි

ගයන්ති අබේරත්න (මීටර 800 කාන්තා : විනාඩි 2 තත්ත්පර 06.86) හා (මීටර 1500 කාන්තා : විනාඩි 4 තත්ත්පර 27.22)

හිමාෂ ඒෂාන් (මීටර 100 - පිරිමි - තත්ත්පර 10.60)


රිදී පදක්කම් 2 යි

මංජුල කුමාර විජේසේකර (උස පැනීම - පිරිමි - මීටර 2.19)
ඞී. ඒ. ජී. එස්. විමලසිරි (දුර පැනීම - මීටර 7.67)


ලෝකඩ පදක්කම් 1 යි

හිමාෂ ඒෂාන් (මීටර 200 - පිරිමි - තත්ත්පර 21.44)


අදහස් (2)

සිංගප්පූරුවේදී රන් පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.