
(ශානුක අරවින්ද)
දිට්වා සුළි කුණාටුවේ බලපෑම සමග ඇති වූ ගංවතුර සහ නායයෑමේ තත්වයන් හේතුවෙන් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ රග්බි ලීගයේ සිවුවැනි සතියේ තරගත් කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ.
මෙලෙස කල් දමන ලද්දේ පොලිසිය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතරත්, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතරත්, යුද හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය අතරත්, ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතරත් පැවැත්වීමට නියමිතව තිබූ තරග 4 ය.
මින් පෙර තෙවැනි සතියේ තරග කල්දැමීමටද ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගත් අතර එම තරග සියල්ල තරගාවලියේ විවේක සතියක් ලෙස නම් කර තිබූ නත්තල් සති අන්තයේදී (දෙසැම්බර් 26, 27 සහ 28) පැවැත්වීමට සැලසුම් කර තිබිණ.
ඒ අනුව කල් දමන ලද සිවුවැනි සතියේ තරග පැවැත්වීම සඳහා තරගාවලියේ දෙවැනි වටය ආරම්භ වීමට පෙර සතිය යොදා ගැනීමට සංවිධායකයන් තීරණය කර තිබේ. තරගාවලියේ මූලික වටය ජනවාරි මස 25 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.