Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සභාපති කුසලාන රග්බි තරගාවලියට කණ්ඩායම් 12 ක්

සභාපති කුසලාන රග්බි තරගාවලියට කණ්ඩායම් 12 ක්

editorial - 2025 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන 2025 සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය මෙම මස 26 වැනිදා ආරම්භ වන අතර ඊට කණ්ඩායම් 12 ක් එක්ව සිටියි. තරගාවලියේ තරග සැකැස්මට අනුව මූලික වටයේදී තරග 4 ක් පැවැත්වෙන අතර කණ්ඩායම් 4 කට නිතරග ජයග්‍රහණ හිමිව තිබේ. 

ඒ අනුව මෙම මස 26 සහ 27 යන දිනවල කොට්ටාව ධර්මපාල විදුහලට එරෙහිව මහරගම මැදි විදුහලද, කොළඹ අශෝක විදුහලට එරෙහිව ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහලද, කුරුණෑගල ශාන්ත ආනා විදුහලට එරෙහිව මොරටුව මහ විදුහලද, පාදුක්ක සිරි පියරතව විදුහලට එරෙහිව මාතර ශාන්ත තෝමස් විදුහල මූලික වටයේදී තරග වදිනු ඇත.
 
මෙම තරග 4 ම කොළඹ රාජකීය විදුහල් කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඉන් මුල් තරග දෙක පෙරවරු 10.00 ටද, සෙසු තරග දෙක පස්වරු 2.00 ටද ආරම්භ වීමට නියමිතය. 

නුගවෙල මැදි විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, ඉබ්බාගමුව මැදි විදුහල සහ කොළඹ සී.ඩබ්.ඩබ්. කණ්නංගර විදුහල මූලික වටයේදී නිතරග ජයග්‍රහණ ලබා මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් වේ. 
 
තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය නුගවෙල මැදි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර පැවැත්වේ. සියලුම අර්ධ අවසන් පූර්ව තරග මැයි මස 3 සහ 4 යන දිනවල පෙරවරු 10.00 සිට කොළඹ හැව්ලොක් පිටියේදී සහ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

සභාපති කුසලාන සඳහා වන පළමු අවසන් පූර්ව තරගය මැයි මස 9 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදීද, දෙවැනි අවසන් පූර්ව තරගය මැයි මස 11 වැනිදා හැව්ලොක් පිටියේදීද පෙරවරු 10.00 සිට පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි මස 17 වැනිදා පස්වරු 2.00 සිට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදීය. 


අදහස් (0)

සභාපති කුසලාන රග්බි තරගාවලියට කණ්ඩායම් 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.