‘අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සුපර් 4’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සදර්න් එක්ස්ප‍්‍රස් පිල අද (02) සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමග සදර්න් එක්ස්ප‍්‍රස් පිලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වසරේ ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 තරගාවලියට සහභාගිවිමේ අවස්ථාව හිමිවිය.
කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති අවසන් මහ තරගයේදී ළහිරු තිරිමාන්න මෙහෙයවූ උඩරට රූලර්ස් පිලට එරෙහිව ලකුණු
4 ක තියුණු ජයක් ලබාගැනීමට සදර්න් එක්ස්ප‍්‍රස් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
ලකුණු 162 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය උඩරට රූලර්ස් පිලට අවසන් ඕවරයේදී ලකුණු 8 ක් රැස්කිරීමට සිදුවූ නමුත් සචිත් පතිරණ යැවූ එම ඕවරයේදී කඩුලූ 4 ක් බිද වැටීම නිසා ඔවුන්ට රැස්කළ හැකි වූයේ ලකුණු 3 ක් පමණි. පා දඟ පන්දු යවන සචිත් පතිරණ පීඩනය හමුවේ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන සහ දිල්හාර ලොකුහෙට්ටිගේ දවා ගනිමින් සදර්න් එක්ස්ප‍්‍රස් පිලට අනපේක්‍ෂිත ජයක් ගෙන ඒමට සමත් විය. උඩරට රූලර්ස් පිල 19 වැනි ඕවරය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියේය.
උඩරට රූලර්ස් පිලේ ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග (62) සහ ෂෙහාන් ජයසූරිය (51) අර්ධ ශතක රැුස්කරමින් ලකුණු 95 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද සෙසු පිතිකරුවන් ආසාර්ථක වීමෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.
‘අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සුපර් 4’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහයන් වන අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කිරාන් රෙඞ්කා මහතාද අවසන් මහ තරගය නැරඹීමට පැමිණ සිටි අතර ත්‍යාග ප‍්‍රදානෝත්සවය රෙඞ්කා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
සදර්න් එක්ස්ප‍්‍රස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 161
(නිරෝෂන් දිල්වැල්ල 26, ඩිල්රුවන් පෙරේරා 28, ජෙහාන් මුබාරක් 34, යශෝධ ලංකා 24, ධනුෂ්ක ගුණතිලක නොදැවී 12, සචිත් පතිරණ නොදැවී 10, අජන්ත මෙන්ඩිස් 27/3, අසේල ගුණරත්න 19/3)
උඩරට රූලර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 157
(ෂෙහාන් ජයසූරිය 51, උපුල් තරංග 62, කුමාර් සංගක්කාර 16, චාමර සිල්වා 17, සචිත් පතිරණ 27/3)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.