
(ශානුක අරවින්ද)
කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 8 දෙනෙක් සහභාගි වී සිටිති. මෙම තරගාවලිය අද (2 වැනිදා) ආරම්භ වන අතර ජනවාරි මස 4 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.
තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 6 න් 5 කටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින අතර එහිදී ඩුබායි කැපිටල්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම වත්මන් උප නායක දසුන් ශානකට හිමිව තිබේ. ඔහු හැරුණු කොට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරද එම කණ්ඩායමට ක්‍රීඩා කරයි.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමටත්, වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සජා වොරියර්ස් කණ්ඩායමටත් ඇතුළත්ව සිටිති. තුන් ඉරියව් ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් පිළිවෙළින් ඩෙසට් වයිපර්ස් සහ එම්.අයි. එමිරේට්ස් කණ්ඩායම්වල ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.
මෙම තරගාවලිය තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 3 වන සාජා ක්‍රීඩාංගණයේදී, ඩුබායි ක්‍රීඩාංගණයේදී සහ අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මෙම මස 30 වැනිදාත්, පිටුදැකීමේ තරගය ජනවාරි 1 වැනිදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය ජනවාරි 2 වැනිදාත් පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 4 වැනිදාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.