Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ මූලික වටය යටතේ අද (20 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයකදී තායිලන්තයට එරෙහිව ලකුණු 24-07 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු ජය මෙය විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-07 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවුවද, දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් ලකුණු 17 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේ එහිදී තායිලන්තය ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. මෙම ජයත් සමග ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකි විය.
සිවුවැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ ශාහිඩ් සුම්රි, එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් ශ්‍රී ලංකා වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. කෙසේ වුවත් 7 වැනි විනාඩියේදී තායිලන්තය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ සිරාවට් විසිට්කිටිකොර්න්, එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් පළමු අර්ධය නිමාවන විට දෙපිලේම ලකුණු සම තත්වයට ගෙන ආවේය.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි එකහමාරක් පමණ ගත වන විට එනම් 8 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ මොහොමඩ් රිෆාන් සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ශාහිඩ් සුම්රි ලකුණු 14-07 ක් ලෙස නැවත වරක් ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණට ගෙන ආහ. ඉන් අනතුරුව 13 වැනි සහ 14 වැනි විනාඩිවලදී ගයාන් පෙරේරා සහ ආකාෂ් මධුෂංක ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්තද ඒවාහි ප්‍රවර්ථනයන් අසාර්ථක විය.
මූළික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සිංගප්පූරුවට එරෙහිව පස්වරු 6.14 ට ආරම්භ වීමට නියමිතය. තායිලන්තය පරාජය කිරීමට පෙර ජපානය හමුවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා සිංගප්පූරුවට එරෙහිව පැවැත්වෙන තරග ඉහළ ලකුණු පරතරයක් රඳවාගනිමින් ජයගැනීමට සිදුවනු ඇත.
‘බී’ කාණ්ඩය යටතේ පැවැති මෙතෙක් පැවැති සෙසු තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව ලකුණු 07-05 ක් ලෙස සිංගප්පූරුව පරාජය කිරීමට තායිලන්තය සමත් විය. එහිදී ජපානය හමුවේ සිංගප්පූරුව පරාජයට පත් වූයේ ලකුණු 47-05 ක් ලෙසිනි. ජපානය සහ තායිලන්තය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.36 ට පැවැත්වීමට නියමිතය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.