Last Update  :  2025-07-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 77 ක ජයක්
1 වැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 77 ක ජයක්

editorial - 2025 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ අවසන් කඩුලු 9 ම ලකුණු 67 ක් ඇතුළතදී බිම දැමූ වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 77 ක පහසු ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. ලකුණු 245 ක ඉලක්කයක් කරා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 167 කට දැවී ගියේය. 

මෙම තරගායේදී ලබාගත් ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. 

බංග්ලාදේශ ඉනිමේ 17 වැනි ඕවරයේදී කඩුල්ලක් දැවී ලකුණු 100 ක් ලෙසින් ලකුණු පුවරුව කියැවුණු නමුත් නජ්මුල් හොසේන් ශන්ටෝ දුවද්දි දැවී යාමත් සමගින් කඩුලු 9 ක් ලකුණු 67 කට බිඳ වැටිණ. වනිඳු හසරංග (10/4) සහ කමිඳු මෙන්ඩිස් (19/3) දෙදෙනා එක්ව බංග්ලාදේශය අසරණ කර දැමූහ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතකයක් ලබාගත් නායක චරිත් අසලංක තරගයේ විරයා වශයෙන් සම්මාන දිනාගත්තේය. 


ශ්‍රී ලංකාව - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 244 යි
(කුසල් මෙන්ඩිස් 45, චරිත් අසලංක 106, ජනිත් ලියනගේ 29, මිලාන් රත්නායක 22, වනිඳු හසරංග 22, ටස්කින් අහමඩ් 44/4, ටැන්සිම් හසක් සකීබ් 45/3)

බංග්ලාදේශය - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 167 යි
(පර්වේස් හොසේන් 13, ටැන්සිඩ් හසන් 62, නජ්මුල් හොසේන් ශන්ටෝ 23, ජේකර් අලී 51, වනිඳු 10/4, කමිඳු මෙන්ඩිස් 19/3)

- 213

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 77 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.