Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කි‍්‍රකට් පිල මාර්ලිබෝන් පිලට පරදී

ලෝක කි‍්‍රකට් පිල මාර්ලිබෝන් පිලට පරදී

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂේන් වෝන් නායකත්වය දැරූ ලෝක කණ්ඩායම සහ සචින් ටෙන්ඩුල්කාර් නායකත්ව දැරූ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජ කණ්ඩායම අතර අද (5 වැනිදා ) එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජ කණ්ඩායම සමත්විය.  

ජයග‍්‍රහණය සඳහා ලකුණු 294 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිහ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජ කණ්ඩායම  ඕවර  ඕර 45.5 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පන්දු 145 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 23 ක් සමගින් නොදැවී ලකුණු 181 ක් රැස්කිරීමට සමත්විය.

ශිව්නරේන් චන්ද්‍රපෝල් (නොදැවී 37) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ලකුණු 122 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ෆින්ච්, තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් කණ්ඩායම් නායක සචින් තෙන්ඩුල්කාර් ලකුණු 44 ක් ලබා සිටියදී දැවී ගියේය.

මාර්ලිබෝන් ඉනිමේ 30 වැනි  ඕවරයේ සිව්වැනි සහ පස්වැනි පන්දු වලදී ප‍්‍රබල පිතිකරුවන් දෙදෙනකු වන බ‍්‍රයන් ලාරා (23) සහ රාහුල් ද්‍රාවිඞ් (00) දවාගැනීමට එම  ඕවරය යැවූ පෝල් කොලින්වුඞ් සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ලෝක කණ්ඩායම නියමිත  ඕවර 50 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 293 ක් ලබාගත් අතර ලෝක කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් කී‍්‍රඩා කළ යුවරාජ් සිං පන්දු 134 දී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 132 ක් රැස්කළේය.
 
ලකුණු 68 කට කඩුලූ 5 ක් දැවී ලෝක කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව තිබූ මෙහොතේ පෝල් කොලින්වුඞ් (40) සමග එක්වූ යුවරාජ්, හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 150 කදී ලකුණු 131 ක සම්බන්ධතාවක් ගොඩනැගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ලෝක කණ්ඩායම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ඇඩම් ගිල්කි‍්‍රස්ට් (29) සහ විරේන්ද්‍ර ශෙවැග් (22) එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

මුලූ ලකුණු සංඛ්‍යාව 54 තිබියදී ලෝක කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස විරේන්ද්‍ර ශෙවැග් පිටියෙන් ඉවත් කිරීමට බ්‍රෙට් ලී සමත්වූ අතර ඉන් පසුව දැවීගිය කඩුලූ 4 ටම හිමිකම් කීමට සයිඞ් අජ්මාල් සමත්විය.

අජ්මාල්ගේ පන්දුවක් හමුවේ දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි ඇඩම් ගිල්කි‍්‍රස්ට් ස්ටම්ප් කිරීමට හසුකරගත් කඩුලූ රකින් කී‍්‍රඩක කි‍්‍රස් රීඩ්, කෙවින් පීටර්සන්වද එලෙසම පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. ඔවුන් දෙදෙනාගේ දැවීයෑම් දෙකේ දැකගත හැකිවූ එකම වෙනස වූයේ සයිඕ අජ්මාල්, කෙවින් පීටර්සන්ව දවාගැනීම සඳහා යැවූ පන්දුව දුස්රා පන්දුවක් වීම පමණි.

ඉන් පසුව පන්දුවට පහරදීමට පැමිණි ප‍්‍රවේගකාරී පිතිකරු සහීඕ අෆ්රිඩිට මුහුණදීමට හැකිවූයේ පන්දු 2 කට පමණි. ඔහුටද ලකුණු රැස්කිරීමට ප‍්‍රථම තම ජාතික කණ්ඩායමේ දඟ පන්දු යවන සගයාගේම පන්දුවක් හමුවේ කඩුල්ල පූජා කිරීමට සිදුවිය.

ලෝක කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 7 කට 293
(ඇඩම් ගිල්කි‍්‍රස්ට් 29, විරේන්ද්‍ර ශෙවැග් 22, කෙවින් පීටර්සන් 10, යුවරාජ් සිං 132, පෝල් කොලිංවුඞ් 40, පීටර් සිඞ්ල් 33, සයිඞ් අජ්මාල් 45/4, බ්‍රෙට් ලී 52/2)

මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජ කණ්ඩායම - ඕවර 45.5 කදී කඩුලූ 3 කට 296
(සචින් ටෙන්ඩුල්කාර් 44, ඒරන් ෆින්ච් නොදැවී 181, බ‍්‍රයන් ලාරා 23, ශිව්නරේන් චන්ද්‍රපෝල් නොදැවී 37, පෝල් කොලිංවුඞ් 25/2)

-036

 


අදහස් (0)

ලෝක කි‍්‍රකට් පිල මාර්ලිබෝන් පිලට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.