
(දමින්ද විජේසූරිය)
ශ්රී ලංකාවේ ක්රීඩාංගණ අතුරින් ඉතාම වේගවත් තණ පළසක් හිමි කොළඹ එස්.එස්.සී. පිටියේදී සාන්ත තෝමසුවන් කළ මන්දගාමී පිතිහරඹය හේතුවෙන් 147 වැනි නිල් මහ සටන නීරස අවසානයක් කරා ඇදී යමින් තිබේ. සාන්ත තෝමසුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 302 ට පිළිතුරු ලෙසින් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) සවස ක්රීඩාව නතර කරන විට කොළඹ රාජකීයයෝ කඩුලු 4 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටියහ.
හෙට තරගයේ තුන්වැනි දිනය මෙන්ම අවසන් දිනයද වෙයි.
රාජකීය ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 75 කට බිඳ වැටී තිබියදී එක්වූ රෙහාන් පීරිස් සහ රුමිරු පෙරේරා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් රාජකීයයන්ගේ සායම බේරා ගත්හ.
සාන්ත තෝමසුවෝ තවමත් ලකුණු 127 කින් ඉදිරියෙන් සිටිති. ගල්කිස්සේ පන්දු යවන්නන්ට සෙනසුරාදා උදෑසන සුවිශේෂී යමක් කළ නොහැකි වුවහොත්, තරගය ජය පරාජයෙන් තොර අවසානයක් කරා ඇදී යාම වැළැක්විය නොහැකිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමසුවෝ බ්රහස්පනිත්දා දිනයම වැය කරමින්, ඕවර 90 කට මුහුණ දී ලබාගත්තේ ලකුණු 203 කි. අද උදෑසන යළිත් පන්දුවට පහරදීම ආරම්භ කළ තෝමසුවෝ, සිය ලකුණු 302 වෙනුවෙන් විනාඩි 538 ක් හෙවත් පැය 9 කට ඉතාම ආසන්න කාලයක් මිඩංගු කළහ.
අද පස්වරු 1.00 ට ආරම්භ වූ රාජකීය ඉනිමේදීත් එතරම් සුභවාදී පිතිහරඹයක් දක්නට නොලැබිණ. රාජකීය ඉනිමේ තිබුණේ මීට වසර 30 කට පමණ එපිටින් තිබූ එක්දින තරගයකටත් තරම් නොවන මන්දගාමී පිතිහරඹයකි. එනම් ඕවර 51 කදී ලකුණු 175 කි. ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී 3.43 ක් විය.
දෙපිලෙන්ම අර්ධ ශතක 5 ක් වාර්තා වූ නමුත් එස්.එස්.සී. පිටියේ තණපළස මතදී එය බෙහෙවින් මන්දගාමී මෙන්ම නීරස පිතිහරඹයකි.
සාන්ත තෝමස් විදුහල - මුල් ඉනිම 302 යි
(ජේඩ්න් අමරවීර 52, අවිනාශ් ප්රනාන්දු 50, මෙතුක ගුණරත්න 44, ඒරන් කොඩිතුවක්කු 12, රොෂේන් සොලමන් 66, රෆායෙල් හෙට්ටිගේ 20, ලුදිෂ මාතරගේ 23, ගිම්හාන් මෙන්ඩිස් 13, ගගන් ගමගේ 49/4, එස්. සූරියාරච්චි 64/3, හිමරු ද සිල්වා 44/2)
රාජකීය විදුහල - පළමු ඉනිම කඩුලු 4 ක් දැවී 175 යි
(රොහාන් පීරිස් 63, උදාන්ත ගණේවත්ත 18, විමත් දින්සර 11, රුමිරු පෙරේරා නොදැවී 70, ගිම්හාන් මෙන්ඩිස් 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.