Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ශක්තිජනක පානයක් වන ‘රයිඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් අත්වැල් බැඳගෙන සිටී. ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රිකට් කණ්ඩායම් වල, නිල ශක්තිජනක පානය ලෙසින් ‘රයිඩ්’ නම්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින හා විස්සයි-20 කණ්ඩායම් මෙන්ම කාන්තා එක්දින හා විස්සයි-20 කණ්ඩායම් වලත් නිල ශක්තිජනක පානය ලෙසින් ‘රයිඩ්’ නම්කරනු ලැබ තිබේ.
‘රයිඩ්’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇතිකරගන්නා ලද හවුල්කාරීත්ව ගිවිසුම වසර 2027 දක්වා බලපැවැත්වෙනු ඇත.
ජාත්‍යන්තර තලයේදී තරගකාරීත්වයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකීය සන්නාම අතරේ ඉදිරියෙන්ම තිබෙන ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සමගින් අත්වැල් බැඳගත් ‘රයිඩ්’ හි අරමුණ ගෝලීය වෙළෙඳපොලේදීත් තරගකාරී සන්නාම අතරේ ඉදිරියෙන් සිටීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ නව පොරොන්දුව වන්නේ ‘නියම ශක්තිය’ යන තේමාවයි.
වසර 2020 දී වෙළෙඳ පොලට පැමිණි ‘රයිඩ්’ ශක්තිජනක පානය එකිනෙකට වෙනස් රස හතරකින් සමන්විතය. ඒ අතුරින් එකක් සීනි රහිත පානයක් ලෙසින් ද වෙළෙඳ පොලට එයි.
“ක්‍රිකට් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ගැඹුරින් මුල්බැසගෙන තියෙනවා. එය අපේ දෛනික ජීවිතයේ කොටසක් වගේම රට පුරා ජනතාව එකමුතු කරන්න ක්‍රිකට් වලට පුළුවන්. ‘රයිඩ්’ හි අපේ අරමුණත් සරළයි.
ඔවුන් කවුරු වුණත්, කොතැනක හිටියත්, මොන වෙලාවක වුණත්, අපි ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය ලබා දෙනවා. ජයග්‍රහණයට ඇති ආශාව, ඔරොත්තුදීමේ හැකියාව සහ එකමුතුකම වර්ධනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපේ අරමුණ මනාව පිළිබිඹු කරනවා” යයි ‘රයිඩ්’ නිෂ්පාදකයන් වන කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ අර්ජුන කුමාරසිංහ මහතා මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් පැවසීය.
‘රයිඩ්’ සමගින් ගිවිසුම්ගත වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, සීමිත ඕවර කණ්ඩායම් දෙකෙහිම නායකයා වන චරිත් අසලංක, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (පරිපාලන) ආයතනයේ සහකාර ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා, කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ අර්ජුන කුමාරසිංහ මහතා සහ කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් සමාගමේ අළෙවි කළමණාකාරීනි අචිනි විජේකෝන් මහත්මිය එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.