Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්
අන්තර් සමාජ පළමු පෙළ

යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

editorial - 2024 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (3 වැනිදා) පැවැති තරගයෙන් ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 21-15 ක ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-08 ක් ලෙස තරගයේ පෙරමුණ ගත් යුද හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 11 ක් රැස්කිරීමට සමත් වූ අතර එහිදී ගුවන් හමුදා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.  

යුද හමුදාව උත්සාහක දිනුම් 3 ක් දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගනිද්දී, ගුවන් හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. යුද හමුදාවේ කීර්ති ජයතුංග 67 වැනි විනාඩි‍යේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය.

පුෂ්ප කුමාර (17 වැනි විනාඩියේදී), සුදාරක දික්කුඹුර (30 වැනි විනාඩියේදී) සහ අෂාන් බණ්ඩාර (60 වැනි විනාඩියේදී) යුද හමුදාව වෙනුවෙන් උත්සාමක දිනුම් ලබාගත් අතර 78 වැනි සහ 80 වැනි විනාඩිවලදී දඬුවම් පහර දෙක සාර්ථක කර ගනු ලැබුවේ චමත් ප්‍රනාන්දු විසිනි.

ගුවන් හමුදාව වෙනුවෙන් ඉෂාර මධුෂාන් 40 වැනි විනාඩියේදීද, දර්ෂන දාබරේ 77 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය මෙන්ම 20 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමි වූ දඬුවම් පහරද සාර්ථක කරගැනීමට නඳුන් ගුණසේකර සමත් විය.


අදහස් (0)

යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.