Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘යූරෝ ෆෝමියුලා’ ශූරතාව සඳහා යුරෝපී රටවල්වලදී පැවැත්වෙන ෆෝමියුලා-1 තරගාවලි මාලාවේ තෙවැනි අදියර ලෙස ජර්මනියේ හොකෙන්හෙයිම් ධාවන පථයේදී පැවැති ෆෝමියුලා-1 තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ඊයේ (8 වැනිදා) සමත් විය.
තරග 3 කින් සමන්විත වූ මෙම තරගාවලියේ පළමු තරගය අනතුරක් හේතුවෙන් 10 වැනියා ලෙස නිමා කළ යෙවාන්, දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයත්, තෙවැනි තරග පළමු ස්ථානයත් දිනාගනිමින් සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය. එහිදී ඔහු හිමිකරගත් මුලු ලකුණු සංඛ්‍යාව 44 කි.
පළමු ස්ථානයක් සහ දෙවැනි ස්ථාන දෙකක් සමග ලකුණු 64 හිමිකරගත් ජපානයේ මයිකල් ශින් විසින් තරගාවලිය ජයගනු ලැබු අතර පළමු ස්ථානයක්, තෙවැනි ස්ථානයක් සහ සිවුවැනි ස්ථානයක් සමග ලකුණු 52 ක් හිමිකරගත් මෙක්සිකෝවේ ඩියේගෝ ඩි’ ලාටෝර් සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානයට පත් විය.
මෙම තරගා මාලාවේදී එක් තරගයක පළමු ස්ථානය සඳහා ලකුණු 25 ක්ද, දෙවැනි ස්ථානය සඳහා ලකුණු 18 ක්ද, තෙවැනි ස්ථානය සඳහා ලකුණු 15 ක්ද, සිවුවැනි ස්ථානය සඳහා ලකුණු 12 ක්ද, පස්වැනි ස්ථානය සඳහා ලකුණු 10 ක්ද, හයවැනි ස්ථානය සඳහා ලකුණු 8 ක්ද, හත්වැනි ස්ථානය සඳහා ලකුණු 6 ක්ද, අටවැනි ස්ථානය සඳහා ලකුණු 4 ක්ද, නමවැනි ස්ථානය සඳහා ලකුණු 2 ක්ද, 10 වැනි ස්ථානය සඳහා ලකුණු 1 ක්ද, ඉදිරිපෙළ තරග ආරම්භක ස්ථානය සහ වේගවත්ම වටය සඳහා එක් ලකුණ බැගින්ද ලබා දෙනු ඇත.
ඒ අනුව ‘යූරෝ ෆෝමියුලා’ ශූරතාවලියේ මුල් අදියර 3 අවසානයේ ලකුණු 163 ක් ලබා තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යෙවාන් සමත්ව සිටියි. එහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ලකුණු 145 ක් ලබා සිටින මයිකල් ශින්ටය. පෝලන්තයේ ටයිමෙක් කුචර්සික් ලකුණු 129 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
මෙය යෙවාන්ගේ පළමු ‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාව වන බැවින් මෙම තරගාවලියේදී සමස්ත තෙවැනි ස්ථානයට අමතරව දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනාගැනීමට ඔහුට හැකි විය. පෘතුගාලයේදී සහ බෙල්ජියමේදී පැවැති තරගාවලීන්හිද දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගනු ලබුවේ යෙවාන් විසිනි.
‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාවේ තවත් අදියර 5 ක් මෙම වසර තුළදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගාවලි ජූලි මාසයේදී හංගේරියාවේදී සහ ප්‍රංශයේදීද, සැප්තැම්බර් මාසයේදී ඕස්ටි්‍රයාවේදී සහ ස්පාඤ්ඤයේදීද, ඔක්තෝබර් මාසයේදී ඉතාලියේදීද පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.