
(දමින්ද විජේසූරිය)
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති 76 වැනි මොරටු රන් හටන ඊයේ (8 වැනිදා) ජය පරාජයකින් තොරව අවසන් විය.
දෙවැනි ඉනිමේදී අර්ධ ශතක 5 ක් ලබාගත් ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ, තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 231 ක් ලබාගන්නා ලෙස වේල්ස් කුමරුවන්ට අභියෝග කළහ. මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන විට වේල්ස් කුමරුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටියහ.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ චමත් වෙල්ලාලගේ (58 සහ නොදැවී 50) ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබාගත් අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ත සිල්වා ඉනිම දෙකේදීම ලකුණු 123 කට කඩුලු 7 ක් දවාගත්තේය.
සුවහස් ප්‍රනාන්දුගේ (77) පිතිහරඹය නිසා වේල්ස් කුමරුවෝ මුල් ඉනිමේදී ලකුණු 49 ක වාසියක් අත්කර ගත් නමුත් දෙවැනි ඉනිමේදී සෙබස්තියන් පිතිකරුවෝ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත්හ.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම 214 යි
(තිවංක ප්‍රනාන්දු 20, කවීෂ පෙරේරා 35, අදීෂ් අල්මේදා 21, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 10, චමත් වෙල්ලාලගේ 58, සෙනිඳු පීරිස් 16, ෂෙෆාන් ප්‍රනාන්දු 24, අදීෂ ලක්ෂාන් 16, නෙතුල් අනුහස් 48/3, රූසඳු සිල්වා 39/3)
වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම 263 යි
(පලිඳු පෙරේරා 42, සෙතික විජේතුංග 20, සුවහස් ප්‍රනාන්දු 77, ඔෂාන් මනීෂ 29, නෙහාන් අනුහස් 16, පසන් කුරේ 15, රූසඳු සිල්වා 18, නෙතුල් අනුහස් 11, මතීෂ අපෝන්සු 21, මලින්ත සිල්වා 100/5, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 82/3)
ශාන්ත සෙබස්තියන් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 4 ට 279 යි
(තිවංක ප්‍රනාන්දු 50, කවීෂ පෙරේරා 52, ලෂේන් ප්‍රනාන්දු 54, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු නොදැවී 66, චමත් වෙල්ලාලගේ නොදැවී 50, රුසඳු සිල්වා 48/2)
වේල්ස් කුමර විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ක් දැවී 54 යි
(පලිඳු පෙරේරා 22, ඔෂාන් මනීෂ නොදැවී 17, මලින්ත සිල්වා 23/2, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.