ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන ශ‍්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන ටේස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ලබන අගෝස්තු මස ශ‍්‍රී ලංකාවේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසුව මහේල ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටියි.
මහේල ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් ඉවත්වීම නිල වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දෙමින් එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට අද (14) පෙරවරුවේ සිය තීරණය ඇතුළත් ලිපියක් බාර දුන්නේය.
ටෙස්ට් පිටියෙන් ඉවත්වීමට එළඹී තීරණය ඉතාමත් අමාරුවෙන් ගත් එකක් බවත් කෙසේ වෙතත් ටෙස්ට් පිටියෙන් ඉවත්වීමට මෙය හොදම අවස්ථාව යැයි තමන්ට හැගෙන බවත් මහේල එම ලිපියේ සදහන් කර තිබේ.
එහිදී මහේල වැඩි දුරටත් පවසා ඇත්තේ වසර 18 ක් තම රට නියෝජනය කිරීමට ලැබීම තමන්ට ගෞරවයක් බවයි. මේ වසර මුලදී ශ‍්‍රී ලංකාව ශූරයන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මහේල විස්සයි20 අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් ඉවත් විය.
විස්සයි 20 අන්තර්ජාති ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමේ සිද්ධිය ආන්දෝලනාත්මක සිද්ධියක් බවට මේ වසර මුලදී පත්විය.
මහේල තව දුරටත් එක්දින අන්තර්ජාතික තරගවලට සහභාගි වන අතර මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ ලබන වසර මුල (2015) ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින පිටියෙන් ද සමුගන්නා බවයි.
ලෝක සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයට වාර්තා රැුසක් එකතු කර ඇති 37 හැවිරිදි දකුණත් පිතිකරු මහේල මේ වන විට ටෙස්ට් තරග 145 කදී ලකුණු 11,493 ක් රැස්කර තිබේ.
මහේලගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 50.18 වන අතර ටෙස්ට් ශතක 33 ක් සහ අර්ධ ශතක 48 ක් මහේලගේ නම ඉදිරියෙන් සටහන් වී තිබේ.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව හෙට (16) ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ තරගය දෙක සහ පාකිස්තානු තරගාවලියේ තරග දෙක සමගින් මහේල තවත් ටෙස්ට් තරග හතරකට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මහේල 2006 වසරේ සිට 2009 වසර දක්වා ද, අනතුරුව 2012 වසරේ සිට වසරක පමණ කාලයක් ද ශ‍්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුකු කළේය. ශ‍්‍රී ලංකාවේ සාර්ථකම ටෙස්ට් නායකයා ලෙස සැළකෙන මහේල ටෙස්ට් තරග 38 කදී ශ‍්‍රී ලංකා පිල මෙහෙයවමින් ඉන් තරග 18 ක් ජය ලැබීමට සමත්ව ඇති අතර තරග 12 පරාජයට පත්ව තිබේ.
මහේල සහ කුමාර් සංගක්කාර එකතුව 2006 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව කොළඹදී තෙවැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 624 ක සම්බන්ධතාව මේ දක්වා ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ ඉහළතම පිතිකරු සම්බන්ධතාව ද වේ.
මහේල එම ඉනිමේදී රැස්කළ ලකුණු 374 ටෙස්ට් තරගයකදී පිතිකරුවකු ඉනිමකදී රැස්කළ සිවුවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ.
ඉන්දියවට එරෙහිව 1997 වසරේ අගෝස්තු මස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ටෙස්ට් වරම් ලැබූ මහේල ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක‍්‍රීඩකයා මෙන්ම දෙවැනි වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා ද වේ. මහේල මේ වන විට එක්දින තරග 420 කට සහභාගි වී ශතක 16 ක් සහ අර්ධ ශතක 72 ක් සමගින් ලකුණු 11,681 ක් රැස්කර තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් සහ එක්දින ලකුණු 10,000 බැගින් රැස්කළ පළමු ක‍්‍රීඩකයා ද මහේල වේ.
මහේල කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.