Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරුවන් වූ ටැන්සිඩ් හසන් (52) සහ යසිෆ් හසන් (30) දෙදෙනාගේ පිතිහරඹය මතින් ඇෆ්ඝනිස්ථානුවන්ට අභියෝග කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ අබුඩාබියේදී ඊයේ (16 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී ලකුණු 08 ක ජයක් වාර්තා කළහ. ලකුණු 155 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු පිතිකරුවෝ ඕවර 20 කදී ලකුණු 146 කට දැවී ගියහ.
ඇෆ්ඝනිස්තානු පිල අමාරුවේ වැටුණේ ඉනිමේ පළමු ඕවර 5 ඇතුළතදී කඩුලු දෙකක් බිඳ වැටීමෙනි. ඕවර 4.1 කට පසුව ඊබ්‍රහිම් සද්රාන් දැවී යන විට ලකුණු සංඛ්‍යාව වූයේ 18 කි. ආරම්භයේදී ඇතිවූ පසුබෑම නිසා හිස් ඔසවාගත නොහැකිවූ ඇෆ්ඝනිස්ථානු පිතිකරුවන් ඉනිමේ අග්ගිස්සට (අවසන් ඕවර 4) පිවිසෙන විට ජයග්‍රහණය සඳහා පන්දු 24 කින් ලකුණු 45 ක් අවශ්‍යව තිබිණ.
17 වැනි ඕවරයේදී ලකුණු 14 ක් ලබාගැනිමට රෂීඩ් ඛාන් සහ කරීම් ජනත් සමත් වූ නමුත් ඊළඟ ඕවරයේ පළමු පන්දුවේදීම කරීම් ජනත් දුවද්දී දැවී ගියේය. තවත් පන්දු 6 කින් පසුව රෂීඩ් ඛාන් ද දැවී යාම හේතුවෙන් ඇෆ්ඝනිස්ථානයේ බලාපොරොත්තු සියල්ලම දියවී ගියේය.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 5 ට 154 යි
(සයිෆ් හසන් 30, ටැන්සිඩ් හසන් 52, තව්හීද් රිදෝයි 26, ශමීම් හොසේන් 11, ජේකර් අලී නොදැවී 12, නුරුල් හසන් නොදැවී 12, රෂීඩ් ඛාන් 26/2, නූර් අහමඩ් 23/2)
ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී සියලු දෙනා දැවී 146 යි
(රමනුල්ලා ගුර්බාස් 35, ගුලාබ්දීන් නයිබ් 16, මොහොමඩ් නබී 15, රෂීඩ් ඛාන් 20, නූර් අහමඩ් 14, අස්මතුල්ලා ඔවර්සායි 30, නසුම් අහමඩ් 11/2, ටස්කින් අහමඩ් 34/2, මුස්ටෆිසුර් රෙහෙමාන් 28/3, රිෂාඩ් හොසේන් 18/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.