Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2018 සත් සාමාජික ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබන ආසියාතික රටවල් දෙක තෝරාගැනීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර හෙට (23) සහ අනිද්දා (24) දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර නැම්ඩොන්ග් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
පළමු අදියරේ කුසලානය දිනා දැනටමත් ඉදිරියෙන් පසුවන ජපානය හා දෙවැනි ස්ථානයේ පසුවන හොං කොං කණ්ඩායම ලබන වසරේ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වැඩි අවස්ථාවක් ඇති කණ්ඩායම් ලෙස හඳුන්වනු ලැබුවත්, කොරියානු තරගාවලියේදි සහ කොළඹ තරගාවලියේදී මේ කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කිරිම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වී තිබේ.
හොං කොං තරගාවලියේදී ශ්‍රී ලංකාව අනපේක්ෂිත ලෙස කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඉවතට විසිවූවත් මෙවර තරගාවලියේදී අවසන් කණ්ඩායම් හතරට සේන්දුවීම කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුව වී තිබේ. ආබාධ හේතුවෙන් පළමු තරගාවලියට එක්නොවූ ධනුෂ්ක රන්ජන් සහ චානක චන්දිමාල් නැවත කණ්ඩායමට එක්වී සිටීම නිසා කණ්ඩායමේ ධෛර්යය වැඩිවී තිබේ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුදර්ශන මුතුතන්ත්‍රී කටයුතු කරන අතර කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස රන්දිකා කුමුදුමලී නම් කර තිබේ. ලෝක සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් සොයා තරග වදින බැවින් මෙවර තරගාවලිය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.
හොං කොං හි පැවැති පළමු අදියරේදී සත්කාරක හොං කොං පිල පරදවා ජපානය ජයගත් අතර ශ්‍රී ලංකාවට හිමිවූයේ පස්වැනි ස්ථානයයි. තරගමාලාවේ අවසන් අදියර ලෙස ලබන මස කොළඹ දී පැවැත්වීමට නියමිත තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු සටහනේ තම තමන්ගේ ස්ථාන ඉහළ දමාගැනීම ඉන්චියොන් තරගාවලියේදී සෑම කණ්ඩායමකම බලාපොරොත්තුව වී තිබේ.
ජපානය, චීනය හා චීන තායිපේ කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව ‘ඒ ‘කාණ්ඩයෙන් තරගාවලියට එක්වී සිටින අතර සත්කාරක දකුණු කොරියාව සමග හොංකොං, පිලිපීනය හා මැලේසියාව ‘බී‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙති.
කාන්තා තරගාවලිය ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගමාලාවේ පළමුවැන්න වෙයි.
ආසියානු කාන්තා සත් සාමාජික රග්බි පිටියේ පස්වැනි තැන පසුවන ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල මෙවර තරගාවලියට එක්වී සිටින්නේ කුසලාන වටයේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ බලාපොරොත්තුව ඇතිවය.
ශ්‍රී ලංකාව සමග සත්කාරක දකුණු කොරියාව, හොංකොං සහ චීනය ‘ඩී‘ කාණ්ඩයෙන්ද ජපානය, තායිලන්තය, සිංගප්පූරුව සහ කසකස්තානය ‘සී‘ කාණ්ඩයෙන්ද තරග බිමට පිවිසෙයි.
ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම
සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ධනුෂ්ක රන්ජන්, ජේසන් දිසානායක, දනූෂ දයාන්, ඕමල්ක ගුණරත්න, කෙවින් ඩික්සන්, සුදම් සූරියආරච්චි, නවීන් හීනකංකානම්ගේ, චානක චන්දිමාල්, තරින්ද රත්වත්ත, හිරන්ත පෙරේරා සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර
පුහුණුකරු - පීටර් වුඞ්ස්
කළමනාකරු - රොහාන් චින්තක
ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම
රන්දිකා කුමුදුමලී (නායිකා), අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, දසුනි ද සිල්වා, දුලානි පල්ලිකොන්දගේ, නදීකා මුණසිංහ, අනූෂා අත්තනායක, සංජීවනී ද සිල්වා, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි, තීක්ෂණා ලියනගේ සහ කුමාරි දිල්රුක්ෂි
පුහුණුකරු - සුදත් සම්පත්
කළමනාකාරිනි - ගයත්‍රී ඒකනායක
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)
පිරිමි කණ්ඩායමේ තරග
■ ජපානයට එරෙහිව - පෙරවරු 7.14 ට
■ චීනයට එරෙහිව - පෙරවරු 10.32 ට
■ චීන තායිපේ පිලට එරෙහිව - පස්වරු 1.28 ට
කාන්තා කණ්ඩායමේ තරග
■ හොං කොං පිලට එරෙහිව - පෙරවරු 8.20ට
■ චීනයට එරෙහිව - පෙරවරු 10.54ට
■ දකුණු කොරියාවට එරෙහිව - පස්වරු 1.50ට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.