
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ වෙනුවෙන් අද (2 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී ගල්කිස්ස සාන්ත විදුහලට එරෙහිව ලකුණු 29-13 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 22-06 ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ඉසිපතන විදුහල ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් හහ දඬුවම් පහරක් සමග ලකුණු ලබාගත් අතර සාන්ත තෝමස් විදුහල ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 2 සමගිනි.
දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝල දිනුමක් බැගින් ලබාගත්තද, පළමු අර්ධය අවසනායේ පැවැති ලකුණු පරතරයට ඉන් බලපෑමක් සිදු නොවීය. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට ලකුණු 29-13 ක් ලෙස තරගයේ ජය තමන් සතු කරගනිමින් අවසන් තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.




ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.