Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිමාලිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

තිමාලිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

editorial - 2022 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කාන්තා බර ඉසිලීමේ අද (03 වැනිදා) ඉසව්වෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිමාලි හපුතැන්න කිලෝ ග්‍රෑම් 87 ඉසව්වේදී 8 වැනි ස්ථානයට පත්වූවාය. ස්නැච් ක්‍රමය අනුව කිලෝ ග්‍රෑම් 89 ක් එසවූ ඇය ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය අනුව එසවූ බර කිලෝ ග්‍රෑම් 110 කි. ඇය එසවූ සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් 199 කි.

අද තරගයේදී ස්නැච් ක්‍රමයෙන් ඇය එසවූ කිලෝ ග්‍රෑම් 89 නව ශ්‍රී ලංකා වාර්තාවකි.

ඇයගේම පැරණි ශ්‍රී ලංකා වාර්තාව වූයේ කිලෝ ග්‍රෑම් 88 කි.

ස්නැච් ඉසව්වේදී ඇයගේ සාර්ථක වූ එසවීම් තුන වූයේ කිලෝ ග්‍රෑම් 80ක්, 85ක් සහ 89 කි. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේදී කිලෝ ග්‍රෑම් 105 ක් සහ 110 ක් සාර්ථකව එසවූ තිමාලි කිලෝ ග්‍රෑම් 113 ක් එසවීමට ගත් උත්සාහය අසාර්ථක විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් මෙන්ම පොදුරජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේත් නව වාර්තාවක් තබමින් එංගලන්තයේ එමිලි කැම්බෙල් මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය.

ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 124 ක් එසවූ එමිලි, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 162 ක් එසවූවාය. ඇයගේ නව වාර්තාව වූයේ කිලෝ ග්‍රෑම් 286 ක් එසවීමයි.

- 213

 


අදහස් (0)

තිමාලිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.