Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ මූලික වටය යටතේ අද (20 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38-07 ක පහසු ජයක් වාර්තා කිරීමට ජපානය සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-07 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ජපන් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 26 ක් එක්කර ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි.
දෙවැනි විනාඩියේදී ශොතාරෝ සුඕකා ලබාගත් උත්සාහක දිනුමත් සමග ලකුණු ජපානය ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. තෙවැනි විනාඩියේදී තවත් උත්සාහක දිනුමක් ලබාගත් නඕයා ඔගිතා සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් කෝතා නකාමා සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ දැමූහ.
පළමු අර්ධය නිමා වීමට විනාඩියක් ඉතිරිව තිබියදී එනම් 6 වැනි විනාඩියේදී මධ්‍ය රේඛාව ආසන්නයේ සිට තනිවම දිවගොස් ආකාෂ් මධුෂංක ලබාගත් උත්සාහක දිනුමත් සමග ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ විය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් දිනාල් ඒකනායක එය ගෝල දිනුමක් බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 7 ක් බවට පත් කළේය.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 9 වැනි සහ 10 වැනි විනාඩිවලදී ජපානය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට ජොෂුවා කෙරේවි සහ කෝකි මියසාකි සමත් වූ අතර කෝතා නකමාට සාර්ථක කරගත හැකි වූයේ එම උත්සාහක දිනුම් දෙකෙන් පළමු වැන්නේ ප්‍රවර්ථනය පමණි. ඒ අනුව ජපානයේ ලකුණු සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගියේය.
තරගයේ අවසන් විනාඩි දෙකේදී එනම් 13 වැනි සහ 14 වැනි විනාඩිවලදී රෙන් ඔවුච් සහ තෝමු තකමොතෝ ජපානය වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළහ. එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් නකාමා ලකුණු සංඛ්‍යාව 38 ක් දක්වා ඔසවා තබමින් සිය කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණු පරතරය වැඩි කළේය.
මූළික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරග දෙක ශ්‍රී ලංකා වේලාවෙන් තායිලන්තයට එරෙහිව පස්වරු 1.50 ටද, සිංගප්පූරුවට එරෙහිව පස්වරු 6.14 ටද ආරම්භ වීමට නියමිතය. ජපානය හමුවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා සිංගප්පූරුවට සහ තායිලන්තයට එරෙහිව පැවැත්වෙන තරග ඉහළ ලකුණු පරතරයක් රඳවාගනිමින් ජයගැනීමට සිදුවනු ඇත.
‘බී’ කාණ්ඩය යටතේ පැවැති මෙතෙක් පැවැති සෙසු තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව ලකුණු 07-05 ක් ලෙස සිංගප්පූරුව පරාජය කිරීමට තායිලන්තය සමත් විය. ශ්‍රී ලංකා වේලාවෙන් ජපානය සහ සිංගප්පූරුව අතර තරගය පස්වරු 2.12 ටද, ජපානය සහ තායිලන්තය අතර තරගය පස්වරු 6.36 ටද පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.