අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නව ප‍්‍රධානියා වශයෙන් ඉන්දීය ජාතික නාරායන්ස්වාමි ශී‍්‍රනිවාසන් මහතා තේරී පත්විය. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පරිපාලන කමිටුව විසින් එහි නව සංශෝධන අනුමත කිරීමෙන් පසුව ශී‍්‍රනිවාසන් මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධානියා ලෙසින් පත්විය.
කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ලොව බලවත්ම පුද්ගලයා ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන 69 හැවිරිදි ශී‍්‍රනිවාසන් මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන අතර චෙන්නායිහි ප‍්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බෑණනුවන්ට ඉන්දීය ප‍්‍රධානතම ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසුව ශී‍්‍රනිවාසන් මහතාට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් වන ලෙස ඉන්දීය අධිකරණය නියෝග කළේය.
මෙල්බර්න් නුවරදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික රැස්වීමේදී පරිපාලන ඒකකයේ සභාපතිවරයා වශයෙන් බංග්ලාදේශයේ මුස්තෆා කමල් මහතා තෝරා ගන්නා ලද අතර කි‍්‍රකට් ඕස්ටේ‍්‍රලියා ආයතනයේ සභාපති වොලී එඞ්වඞ්ස් මහතාගේ සභාපතිත්වයෙන් නව විධායක කමිටුවක්ද පත්කරගන්නා ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.