Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී විකාශය කිරීමේ නිල අයිතිය එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම වෙත ලබා දී තිබේ.
ඒ අනුව මේ මස 9 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියේ නිල විකාශන අයිතිය ද එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම වෙත හිමිවී තිබේ.
2027 වසර අවසානය දක්වා ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලි ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ ගිවිසුම අනුව එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට අයත් නාලිකා වන සිරස TV සහ TV1 නාලිකාවන් හට ක්‍රිකට් තරග විකාශය කිරීමේ අයිතියට අමතරව ඩිජිටල් විකාශන අයිතියද හිමිව තිබේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලිය විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ හොංකොං යන කණ්ඩායම් මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී තරග වදිති. තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 28 වැනිදාට යොදා තිබේ.
- 213
තිලක් වන්නිගම Friday, 05 September 2025 08:35 AM
ඒ තරගාවලියත් බලන්න ලැබෙන්නෙ නැහැ,TV1 චැනලය රජ්ජුරුවන්ගේ නොපෙනෙන ඇඳුම වගේ තියෙනවා පෙනෙන්නේ නැහැ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.