Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන 2025 අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 10 ක් බැවින් තරග සැකැස්මට අනුව ඉන් කණ්ඩායම් 6 කටම මූලික වටයේදී නිතරග ජයග්‍රහණ හිමිව තිබේ.
ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ තරග 2 ක් පමණක් වන අතර ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර කොළඹ හැව්ලොක් පිටියේදීද, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොළඹ කේරි විදුහල අතර කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදීද එළබෙන 26 වැනිදා පස්වරු 2.00 සිට එම තරග දෙක පැවැත්වේ.
කොළඹ ආනන්ද විදුහල, පිළියන්දල මැදි විදුහල, කොළඹ ලුම්බිණි විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කුරුණෑගල මලියදේව විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල මූලික වටයේදී නිතරග ජයග්‍රහණ ලබා මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් වේ.
ශාන්ත ඇලවීෂියස් විදුහල සහ රිච්මන්ඩ් විදුහල අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයා අර්ධ අවසන් පූර්ව වටයේදී ආනන්ද විදුහලට එරෙහිවද, ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කේරි විදුහල අතර තරගයේ ජයග්‍රාහකයා අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්ස් කුමර විදුහලට එරෙහිවද තරග බිමට පිවිසීමට නියමිතය.
සෙසු අර්ධ අවසන් පූර්ව තරගවලදී පිළියන්දල මැදි විදුහලට එරෙහිව ලුම්බිණි විදුහලද, ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව මලියදේව විදුහලද තරග බිමිට අවතීර්ණ වනු ඇත. අර්ධ අවසන් පූර්ව තරග මැයි මස 3 සහ 4 යන දිනවල පස්වරු 2.00 සිට කොළඹ හැව්ලොක් පිටියේදී සහ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අගමැති කුසලාන සඳහා වන පළමු අවසන් පූර්ව තරගය මැයි මස 9 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදීද, දෙවැනි අවසන් පූර්ව තරගය මැයි මස 11 වැනිදා හැව්ලොක් පිටියේදී පස්වරු 2.00 සිට පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි මස 17 වැනිදා පස්වරු 4.15 සිට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.