Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ‘බී’ කාණ්ඩයේ ශූරතාව කුලරත්නයට
අන්තර් පාසල් ක්‍රිකට්

‘බී’ කාණ්ඩයේ ශූරතාව කුලරත්නයට

editorial - 2022 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ, අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි පෙළ ‘බී’ කාණ්ඩයේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ පී. ද එස් කුලරත්න විද්‍යාලය සමත් විය. පසුගිය වසරේදීත් මෙම තරගාවලියේ සම ශූරතාව හිමිකරගත් පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම විසින් බදාදා (14 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී හොරණ තක්‍ෂිලා විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 35 කින් පරාජය කරමින් ශූරතාව දිනා ගත්තේය.

අවසන් මහ තරය කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනාගත් කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් ඕවර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් තක්‍ෂිලා විද්‍යාලයීය කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 123 කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුරේෂ් බුලන්කුලම, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයා මෙන්ම පී. ද එස්. කුලරත්න විද්‍යාලුයේ විදුහල්පති ජගත් සේනාරත්න, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ 19 න් පහළ තරඟාවලි ලේකම් නිශාන්ත කුමාර යන මහත්වරු ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.

 
අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න ම.වි. - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 158යි
(මහීෂ ප්‍රභාෂණ 41, ධනුෂ්ක මධුසංක 25, ලෂීන් වනිඳු 21, චරිත් හර්ෂණ 28/4, අංජන ජයලත් 22/2)

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 45 කදී සියලු දෙනා දැවී 123 යි
(ෂහන් දිව්‍යාංජන 54, ලෂීන් වනිඳු 16/3, අකිල චතුරංග 34/2)

 - 213

 


අදහස් (0)

‘බී’ කාණ්ඩයේ ශූරතාව කුලරත්නයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.