Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School එස්.එස්.සී. පිටිය පිතිකරුවන්ගේ අණසකට
ඩී.එස් - මහානාම රන් හටන

එස්.එස්.සී. පිටිය පිතිකරුවන්ගේ අණසකට

editorial - 2024 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ද්විත්ව ශතකයකින් සහ ශතක තුනකින් අලංකාර වූ, කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති, ඩී.එස්. - මහානාම ‘රන් හටන’ අද (30 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු රැස්කිරීමට සිදුවූ නමුත් මහානාම ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ඩී.එස්. පන්දු යවන්නන්ට විශිෂ්ට පිළිතුරක් දෙමින් ශතක දෙකකින් තරගය අවසන් කළහ. තරගය අවසන් වන විට මහානාම විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 201 ක් ලබා සිටියේය. 

ඩී.එස්. සේනානායක විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 370 ක් ලබාගත්තේය. එහෙත් මුල් ඉනිමේදී ලකුණු 239 කට දැවී යාම නිසා ලකුණු 131 ක අවාසියක් අත්වීම හේතුවෙන් පිට පිටම දෙවැනා වතාවටත් පිති අතට ගැනීමට මහානාමයට සිදුවිය. මුල් ඉනිමේදී කළ වැරදි දෙවැනි ඉනිමේදී නොකළ මහානාම ආරම්භක පිතිකරුවන් දෙදෙනා තරගය නිමා කළේ ශතක දෙකක් ලබාගනමිනි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 207 ක් විය. 

කවිඳු අමමෙත් පන්දු 104 කින් ලබාගත් ලකුණු 106 ට හතරේ පහර 13 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. හතරේ  සහ හයේ පහර එවැනිම සංඛ්‍යාවක් තම ඉනිමට ඇතුළත් කළ දුල්නිත් සිගේරා පන්දු 91 කදී සිය ශතකය සම්පූර්ණ කළේ තරගයටත් එතැනින්ම නැවතීමේ තිත තබමිනි.  


ඩී. එස්. සේනානායක විදුහල - පළමු ඉනිම කඩුලු 4 ට 370 යි
(ගවිරු සෙන්හස් නොදැවී 200, පෙසඳු වීරසිංහ 12, මලින්ත පෙරේරා 118, චෙනුල් පින්සර 11, දහම් නිර්මාල් 17, දුවිඳු රණතුංග 80/2, චාමික හීනටිගල 69/2)

මහානාම විදුහල - පළමු ඉනිම 239 යි
(දුල්නිත් සිගේරා 63, කවිඳු අමමෙත් 14, කූජන පෙරේරා 12, චාමික හීනටිගල 13, රශ්මික පෙරේරා 41, ඉනුක කරන්නාගොඩ නොදැවී 61, එශාන් විතානගේ 11, අක්මාල් ෆස්ලි 77/5, රන්දීශ බණ්ඩාරනායක 45/2)

මහානාම විදුහල - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 207 යි
(දුල්නිත් සිගේරා නොදැවී 100, කවිඳු අමමෙත් නොදැවී 106)

(ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු)

අදහස් (0)

එස්.එස්.සී. පිටිය පිතිකරුවන්ගේ අණසකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.