Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සී. ආර්. පරදවති

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සී. ආර්. පරදවති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්‘ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ‘සුපිරි‘ වටය ආරම්භ කරමින් හැව්ලොක්ස් පිටියේදී අද (23 ) පස්වරුවේ පැවැති තරගාවලියේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 21-14 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-7 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ සිටියහ.

තරගයේ නවවැනි මිනිත්තුවේදී තීක්ෂණ දිසානායක උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර රීසා මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්ථන කිරීමත් සමග හැව්ලොක්ස් පිල ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරැව ක්‍රියාත්මක කළේය.

ගැමුණු චේතිය 20 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට එකතු කළ උත්සාහක දිනුමට තරින්ද රත්වත්තේ අතිරේක ලකුණු එකතු කිරීමත් සමග ලකුණු 7-7 ක් ලෙස සමවිය.

දෙවැනි අර්ධයේ හත්වැනි මිනිත්තුවේදී මිතුන් හපුගොඩ උත්සාහක දිනුම් සම්පූර්ණ කරමින් හැව්ලොක්ස් පිල නැවතත් පෙරමුණට ගෙන ආවේය. රීසා මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්ථන කිරීමෙන් ලකුණු තත්ත්වය 14-7 ක් බවට පත්විය.

මිතුන් හපුගොඩ 28 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම හැව්ලොක්ස් පිලට එකතු කළ අතර රීසා මුබාරක් එයට අතිරේක ලකුණු මුසුකිරීමෙන් හැව්ලොක්ස් පිල ලකුණු 21-7 ක් ලෙස ශක්තිමත් විය.

කවිදු පෙරේරා 33 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ස්ටීවන් ශිව්රාජ් අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 21-14 ක් බවට පත්විය.

ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර


අදහස් (0)

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සී. ආර්. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.