Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් 28-26 කින් මහනුවර පරදවයි

හැව්ලොක්ස් 28-26 කින් මහනුවර පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර හැව්ලොක්ස් පිටියේදී අද (16) පස්වරුවේ පැවැති තීරණාත්මක තරගයෙන් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 28-26 ක තියුණු ජය ලැබීමට සමත් වූහ. හැව්ලොක්ස් පිල මෙම ජයග්‍රහණයත් සමඟ දෙවැනි වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.

හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ තරග 14 කින් 12 ක් ජය ලැබීමට සමත් විය. මහනුවර පිල තරග 14 කින් තරග 11 කින් ජය ලැබූ අතර ප්‍රබල මහනුවර පිල වසර කීපයකට පසුව තරග තුනක් පරාජය වීම කැපී පෙනේ.  
මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධයේදී හැව්ලොක්ස් පිල දැඩි ග්‍රහණයකට නතුකරමින් ලකුණු 19-7 ක් ලෙස පෙරමුණගැනීමට සමත් වූහ.

මහනුවර පිල පළමු අර්ධයේ 16 වැනි මිනිත්තුවේදී සිට 27 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු 11 ක කාලයක් තුළදී ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 19 ක් රැස්කරමින් ලකුණු 19-0 ක් ලෙස අනගි ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

 ගනුක දිසානායක 16 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කරමින් පළමු උත්සාහක දිනුම මහනුවර පිලට එකතු කිරීමට සමත් විය. තිළිණ විජේසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.

නයිජල් රත්වත්ත සහ තරිඳු චතුරංග 20 වැනි සහ 26 වැනි මිනිත්තුවලදී උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. තිළිණ විජේසිංහ ඉන් එක උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.

සඳුන් හේරත් 38 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට පළමු උත්සාහක දිනුම එකතු කළ අතර රීසා මුබාරක් එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 19-7 ක් බවට පත්විය.

හැව්ලොක්ස් පිල දෙවැනි අර්ධයේ හත්වැනි මිනිත්තුවේ සිට 29 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු 22 ක් අක්‍රමණශීලිව ක්‍රීඩා කරමින් ගෝල තුනක් සම්පූර්ණ කිරීමෙන් තරගය කණපිට පෙරලුණි.

හැව්ලොක්ස් පිල එම ගෝල තුනත් සමගින් ලකුණු 28-19 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

රැන්ඩි සිල්වා, උමේෂ් මධුෂාන් සහ මිතුන් හපුගොඩ, හැව්ලොක්ස් පිලට උත්සාහක දිනුම් සම්පූර්ණ කළහ. රීසා මුබාරක් උත්සාහක දිනුම් තුනම ගෝල බවට ප්‍රවර්ථනය කළේය.

ධනුෂ්ක රංජන් දෙවැනි අර්ධයේ 33 වැනි මිනිත්තුවේදී මහනුවර පිලට උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර තිළිණ විජේසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 28-26 ක් බවට පත්විය.

 


අදහස් (0)

හැව්ලොක්ස් 28-26 කින් මහනුවර පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.