Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සුපිරි වටයේ තරග ඇරඹෙයි

සුපිරි වටයේ තරග ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ‘සුපිරි’ වටයේ තරග ආරම්භ කරමින් හැව්ලොක්ස් පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර තරගය හැව්ලොක්ස් පිටියේදී හෙට (23) පැවැත්වේ. මෙම තරගය පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය.

‘සුපිරි’ වටයේදී කුසලාන ශූරතාව සඳහා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලැබූ හැව්ලොක්ස් පිල සහ සිවුවැනි ස්ථානය ලැබූ සී. ආර්. පිල අතර ද, දෙවැනි ස්ථානය ලැබූ මහනුවර පිල සහ තෙවැනි ස්ථානය ලැබූ සී. එච්. පිල අතර ද, තරග දෙකක් පැවැත්වේ.

එම තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් දෙක අතර ද, පරාජය වන කණ්ඩායම් දෙක අතර ද, තවත් තරග දෙකක් පැවැත්වේ.

පළඟ ශූරතාව සඳහා ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට පත්වූ යුද හමුදා පිල සහ අටවැනි ස්ථානයට පත්වූ ගුවන් හමුදා පිල අතර ද, හයවැනි ස්ථානයට පත්වූ පොලිස් පිල සහ හත්වැනි ස්ථානයට පත්වූ නාවික හමුදා පිල අතර ද, තරග දෙකක් පැවැත්වේ.

එම තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් දෙක අතර ද, පරාජය වන කණ්ඩායම් දෙක අතර ද, තවත් තරග දෙකක් පැවැත්වේ.

 මෙම සියලුම තරගවලදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුව ‘කුසලාන’ සහ ‘පළඟ’ ශූරතා හිමිවේ.
තරගාවලියේ අවසන් තරග හතර ලබන සති අන්තයේ පැවැත්වීමට නියමිතය.


‘සුපිරි’ වටයේ තරග කාලසටහන

කුසලාන ශූරතාවලිය
● පෙබ. 23 - හැව්ලොක්ස් පිල සහ සී. ආර්. පිල අතර හැව්ලොක්ස් පිටියේදී
● පෙබ. 24 - මහනුවර පිල සහ සී. එච්. පිල අතර නිත්තවෙල පිටියේදී

පළඟ ශූරතාවලිය
● පෙබ. 23 - යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර වැලිසර නාවික හමුදා පිටියේදී
● පෙබ. 24 - පොලිස් පිල සහ නාවික හමුදා පිල අතර බම්බලපිටියේදී

 


අදහස් (0)

සුපිරි වටයේ තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.