Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner යුද හමුදාව අවසන් පූර්ව වටයට

යුද හමුදාව අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් අනුග්‍රහයෙන්  පැවැත්වෙන ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය (2019) අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට යුද හමුදා ක්‍රීඩකයෝ අද (16) සමත් වූහ. කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද පස්වරුවේ පැවැති තරගයේදී යුද හමුදා පිල විසින් ලකුණු 32-22 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

පරාජයට පත්වූ සී. එච්. පිල මෙවර ලීග් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත් කණ්ඩායමයි.
සී. එච්. පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-12 ක් ලෙස පෙරමුණේ සිටියද යුද හමුදා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ලකුණු තත්ත්වය 22-22 ක් ලෙස සම තත්ත්වයට පත්කරමින් ඉදිරියට පැමිණියහ.

 පසුව එය ලකුණු 32-22 ක ලෙස ඉදිරියට ගෙන යමින් තරගය ජයගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

යුද හමුදා පිල වෙනුවෙන් අෂාන් බණ්ඩාර උත්සාහක දිනුම් දෙකක් ද, සමීර බුලත්සිංහලගේ, තුසිත සේනානායක සහ ධනුෂ්ක තල්වත්ත උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ගයාන් සාලින්ද සහ ඉසුරු මැදගෙදර, ගෝල ප්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කරමින් යුද හමුදා පිලට අතිරේක ලකුණු එකතු කළහ.  

සී. එච්. පිලට සත්‍යා රණතුංග, අනුරාධ හේරත්, චතුර ඩිල්ෂාන් සහ සජිත් සාරංග උත්සාහක දිනුම බැගින් එකතු කළහ. සැමුවෙල් මධුවන්ත ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කළේය.   

 

ඡායාරූප -  ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර

- 048


අදහස් (0)

යුද හමුදාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.