Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner පළඟ ශූරතාව පොලිසියට

පළඟ ශූරතාව පොලිසියට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ‘පළඟ ශූරතාව’ දිනාගැනීමට පොලිස් ක්‍රීඩකයෝ අද (02) සමත් වූහ. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද පැවැති ‘පළඟ ශූරතා’ අවසන් තරගයේදී පොලිස් පිල විසින් ලකුණු 50-27 කින් යුද හමුදා පිල පරාජය කරන ලදි.

පොලිස් පිල අතිරේක ප්‍රසාද ලකුණත් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 44 ක් ලෙස සම තත්ත්වයට පත්කළේය. පසුව පොලිස් පිල ලබාගත් උත්සාහක දිනුම් සංඛ්‍යාව අනුව ‘පළඟ’ ශූරතාව පොලිසියට ප්‍රදානය කෙරිණ.

මෙම තරගයට පෙර යුද හමුදා පිල ප්‍රසාද ලකුණු 44 ක් ද, පොලිස් පිල ප්‍රසාද ලකුණු 38 ක් ද, ලබා යුද හමුදා පිල ප්‍රසාද ලකුණු 6 ක් ඉදිරියෙන් සිටියේය.

මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට යුද හමුදා පිල ලකුණු 20-19 ක් ලෙස පෙරමුණේ පසුවුද දෙවැනි අර්ධයේදී යුද හමුදාව පසු බැස්සේය.  පොලිස් පිල දෙවැනි අර්ධයේදී තරගයේ පාලනය සියතට ගනිමින් ගෝල තුනකින් සහ උත්සාහක දෙකකින් ලකුණු 31 ක් රැස්කරමින් ජයග්‍රහණයට ළගාවිය.

පොලිස් පිල වෙනුවෙන් ජනිත් චන්දිමාල් උත්සාහක දිනුම් තුනක්ද, ගිහාන් සිල්වා උත්සාහක දිනුම් දෙකක්ද, ඊමේසි වින්වෝසා, උදය සංජුල සහ සචිත් සිල්වා උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ.

ජනිත් චන්දිමාල් තරගයේ වීරයා බවට පත්වෙමින් ගෝල ප්‍රවර්ථන තුනක් ද, සචිත් සිල්වා ගෝල ප්‍රවර්ථන දෙකක්ද, සාර්ථක කළහ.

යුද හමුදා පිලට ධනුක විජේතිලක, උපුල් අබේරත්න සහ රිෂ්වි මොහොමඞ් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ඉසුරු මැදගෙදර ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කළේය.  


ඡායාරූපය - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

පළඟ ශූරතාව පොලිසියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.