Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ‘කලම්බු බ්ලූස්’ පිලට තියුණු ජයක්

‘කලම්බු බ්ලූස්’ පිලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි තරගාවලියේ ප‍්‍රබල ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කැන්ඩි රෙඞ්ස් පිල සහ කලම්බු බ්ලූස් පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (26) පැවැති වාර්ෂික රග්බි තරගයෙන් ඉසිපතන විදුහලේ සෙනාල් දීලක ද සිල්වා නායකයා ලෙස කටයුතු කළ කලම්බු බ්ලූස් ක‍්‍රීඩකයෝ ලකුණු 27-24 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

කොළඹ ක‍්‍රීඩකයන් මෙම තරගය ජය ලැබූ තෙවැනි අවස්ථාව මෙය වන මීට පෙර 2010 සහ 2011 වසරවලදී කොළඹ පිල ජය ලබා තිබුණි.  

ජයග‍්‍රාහි කලම්බු බ්ලූස් පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර කැන්ඩි රෙඞ්ස් පිලට ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-19 ක් ලෙස දෙපිලම සම ලකුණු ලබා සිටියේය.

දෙවැනි අර්ධයේ 5 වැනි මිනිත්තුවේදී ශාන්ත පීතර විදුහලේ ශම්රි බූරා සාර්ථක කළ දඩුවම් පහර තරගයේ තීරණාත්මක සාධකය බවට පත්වෙමින් කලම්බු බ්ලූස් පිල ලකුණු 22-19 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

මෙවර ලීග් සහ පිළිම`ඵන් පිටු දැකීමේ තරගාවලියේ දෙකේම ශූරයන් වන ඉසිපතන විදුහලේ චතුර ඩිල්ෂාන් එකතු කළ උත්සාහක දිනුමත් සමග ලකුණු 27-19 ක් ලෙස කොළඹ ක‍්‍රීඩකයෝ පරතරය වැඩි කර ගැනීමට සමත් වූහ.

මහනුවර පිල වෙනුවෙන් දෙවැනි අර්ධයේ 38 වැනි මිනිත්තුවේදී කිංග්ස්වුඞ් විදුහලේ අසේල වීරසේකර උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 27-24 ක් බවට පත්කළ ද එය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවීය.  

තරග ආරම්භවී 11 වැනි මිනිත්තුවේදී කැන්ඩි රෙඞ්ස් පිලේ සාන්චන ෂෙයික් සම්පූර්ණ කළ උත්සාහක දිනුම නායක තරින්ද රත්වත්තේ ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 7-0 ක් ලෙස කැන්ඩි රෙඞ්ස් පිල පෙරමුණේ තබමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක විය.

පළමු අර්ධයේ 14 වැනි මිනිත්තුවේදී භානුක ගමගේ සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු පුවරුව 7-5 ක් බවට පත්කරමින් කලම්බු බ්ලූස් පිල තරගයට අවතීරණය විය.

කලම්බු බ්ලූස් පිල වෙනුවෙන් පළමු අර්ධයේදී දෙවැනි උත්සාහක දිනුම මෙවර පාසල් තරගාවලියේ කැපී පෙනෙන ක‍්‍රීඩකයකු බවට පත්වූ ඉසිපතන විදුහලේ ඔමල්ක ගුණරත්න සහ තෙවැනි උත්සාහක දිනුම කොළඹ රාජකීය විදුහලේ උමේෂ් මධුෂාන් සම්පූර්ණ කිරීමට සමත් වූහ.

නිම්ෂාන් ජයවර්ධන එම උත්සාහක දිනුම් දෙකේ ප‍්‍රවර්ථන සාර්ථක කරමින් අතිරේක ලකුණු කලම්බු බ්ලූස් පිලට එකතු කළේය.

පළමු අර්ධයේදී කැන්ඩි රෙඞ්ස් පිලට කිංග්ස්වුඞ් විදුහලේ ක‍්‍රීඩකයන් වන ශෙෂාන් සලේ සහ අසේල විජේසිංහ දෙවැනි සහ තෙවැනි උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර තරින්ද රත්වත්තේ දෙවැනි උත්සාහක දිනුම ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කළේය.

 


අදහස් (0)

‘කලම්බු බ්ලූස්’ පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.