Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ‘ඒ’ කාණ්ඩයේ කුසලාන ශා. පීතරට
පාසල් රග්බි

‘ඒ’ කාණ්ඩයේ කුසලාන ශා. පීතරට

editorial - 2021 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ බස්නාහිර පළාත් ‘එ්’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අද (19 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 19-17 ක තියුණු ජයක් වාර්තා කරමින් ශාන්ත පීතරයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ගෝල දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළ ශාන්ත පීතර කී‍්‍රඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. සාන්ත තෝමස් කී‍්‍රඩකයෝ පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගිනි. දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම බැගින් ලබාගත්ද, පළමු අර්ධයේදී රඳවාගත් ලකුණු 2 ක පරතරය ශාන්ත පීතර විදුහලට ජය ගෙනාවේය.

පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විදුහල එරෙහිව ලකුණු 21-10 ක ජයක් වාර්තා කරමින් සාන්ත තෝමස් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 19-14 ක් ලෙස කොළඹ ඞී.එස්. සේනානානයක විදුහල පරාජය කරමිනි.

කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරගවලදී පළඟ ශූරතාව දිනාගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලත්, බඳුන ශූරතාව දිනාගැනීමට කොළඹ වෙස්ලි විදුහලත්, පළිහ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විදුහලත් සමත් විය.

මෙම තරගාවලියේ මධ්‍යම පළාත් තරගාවලිය මේ මස 27 වැනිදා මහනුවර ති‍්‍රත්ව විදුහල් කී‍්‍රඩාංගණයේදීත්, වයඹ පළාත් තරගාවලිය 28 වැනිදා කුරුණෑගල මලියදේව විදුහල් කී‍්‍රඩාංගණයේදීත්, සබරගමුව පළාත් තරගාවලිය 30 වැනිදා රුවන්වැල්ල කී‍්‍රඩාංගණයේදීත්, දකුණු පළාත් 31 වැනිදා කොග්ගල නිදහස් වෙළඳ කළාප කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.


කුසලාන අවසන් මහ තරගය
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 19-17 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.

පළඟ අවසන් මහ තරගය
කොළඹ ඞී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 21-05 ක් ලෙස  කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදි.

බඳුන අවසන් මහ තරගය
කොළඹ වෙස්ලි විදුහල විසින් ලකුණු 19-07 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.

පලිහ අවසන් මහ තරගය
කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 36-00 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.

 

(ඡායාරූපය - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

‘ඒ’ කාණ්ඩයේ කුසලාන ශා. පීතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.