Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං රාජ්‍යය අතර හොං කොංහි කයි තාක් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 78-07 දැවැන්ත ජයක් වාර්තා කිරීමට හොංකොං ක්‍රීඩකයෝ සමත් වූහ. හොංකොං කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පිට පිටම ලැබූ දෙවැනි පරාජයද මෙය විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 33-07 ලෙස පෙරමුණ ගත් හොං කොං ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 45 රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩක් ලබා නොදෙමනි. උත්සාහක දිනුම් 2 ක් වාර්ථා කරමින් ප්‍රවර්ථන 7 ක්ද සාර්ථක කරගත් පෝල් බැප්ටිස්, හොං කොං ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
තරගයේ 11 වැනි විනාඩියේදී කැලම් ජේම්ස් ලබාගත් උත්සාහක දිනුමත්, 16 වැනි විනාඩියේදී කයිල් වැන්ඩර් ස්මිට් ලබාගත් උත්සාහක දිනුමත් ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කළ නේතන් තියරි, ලකුණු 14-00 ක් ලෙස සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 19 වැනි විනාඩියේදී හොං කොං පිල වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට මැතිව් සැමුවෙල් සමත් වුවද, එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට පෝල් බැප්ටිස් අපොහොසත් විය.
කෙසේ වුවත් ලකුණු තත්වය 19-00 ක් ලෙස තිබියදී 23 වැනි විනාඩියේදී මාක් ටේලර් ලබාගත් උත්සාහක දිනුම ගෝල දිනුමක් බවට පත්කළ බැප්ටිස්, ඉන් නොනැවතී 30 වැනි විනාඩියේදී තමා විසින්ම ලබාගන්නා ලද උත්සාහක දිනුමද ගෝල දිනුමක් බවට පත්කළේ ලකුණු සංඛ්‍යාව 33-00 ක් දක්වා ඉහළ දමමිනි.
පළමු අර්ධය පුරා හොංකොං ක්‍රීඩකයින්ගෙන් බැට කෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, එම ආර්ධය නිමාවීමට මත්තෙත් ලකුණු පුවරුවට පළමු ලකුණ එක් කළේ 38 වැනි විනාඩියේදී පසිඳු සූරියබණ්ඩාර ලබාගත් උත්සාහක දිනුමත් සමගිනි. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ශ්‍රී ලංකා නායක තරින්ද රත්වත්තේ ලකුණු 33-07 ක් ලෙස පළමු අර්ධ නිමා කිරීමට සිය කණ්ඩායමට අවස්ථාව සලසා දුන්නේය.
දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම යළිත් වැඩ ඇරඹූ පෝල් බැප්ටිස්, 43 වැනි විනාඩියේදී සිය දෙවැනි උත්සාහක දිනුම ලබා ගත්තේ ලකුණු සංඛ්‍යාව 38-07 ක් දක්වා ඔසවා තබමිනි. එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි වුවත්, ඉන් අනතුරුව කණ්ඩායම් සගයන් ලබාගත් උත්සාහක දිනුම් 6 න් 5 කම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනිමින් හොං කොං රාජ්‍යය ප්‍රබල තත්වයකට ගෙන ඒමට ඔහු සමත් විය.
මැතිව් සැමුවෙල් 55 වැනි සහ 80 වැනි විනාඩිවලදී සිය දෙවැනි සහ තෙවැනි උත්සාහක දිනුම් වාර්තා කළ අතර කයිල් වැන්ඩර් ස්මිත් සිය දෙවැනි සහ තෙවැනි උත්සාහක දිනුම් වාර්තා කළේ 63 වැනි සහ 77 වැනි විනාඩිවලදීය. ඔවුන්ට අමතරව පර්සි මැකෙන්ලි 67 වැනි විනාඩියේදීද, හැරී ජේම්ස් 70 වැනි විනාඩියේදීද හොං කොං කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ.
(ඡායාරූප - ආසියානු රග්බි සංගමය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.