Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හොං කොං ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

හොං කොං ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී අද (19 වැනිදා) පැවැති ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා මූලික වටයේ 20 වැනි තරගයේදී ලකුණු 38-5 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට හොං කොං ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී හොං කොං කාන්තා කණ්ඩායම ගෝල දිනුම් 4 ක් සහ උත්සාහ දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළ අතර කයාන් චොං ‍උත්සාහක දිනුම් 3 ක්ද, රොසානා රයිට්, ජෙසිකා ඒඩ්න් සහ නටාෂා ඔල්සන් එක් උත්සාහක දිනුම් බැගින් ලබාගත්හ. ගෝල දිනුම් 4 හිම ප්‍රවර්ථන සාර්ථක කරගනු ලැබුවේ රොසානා රයිට් විසිනි.

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි. දුලානි පල්ලිකොණ්ඩගේ එම උත්සාහක දිනුමට හිමිකම් කීවාය.

මූලික වටයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 12-10 ක ජයක් වාර්තා කළ නමුත් ඉන් අනතුරුව චීනය හමුවේ ලකුණු 47-0 ක් ලෙසත්, හොං කොං රාජ්‍යය හමුවේ ලකුණු 38-5 ක් ලෙසත් පරාජය වීම නිසා තරගාවලියේ කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නොහැකි විය.

ඒ අනුව හෙට (20 වැනිදා) පැවැත්වෙන පළඟ අවසන් පූර්ව වටයේදී පිලිපීනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ යළිත් තරග බිමට පිවිසෙනු ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.52 ට ආරම්භ වීමට නියමිතය.

-036


අදහස් (0)

හොං කොං ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.