Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හොං කොං 7 සාමාජික තරගාවලියට ශී‍්‍ර ලංකාවත්

හොං කොං 7 සාමාජික තරගාවලියට ශී‍්‍ර ලංකාවත්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික රග්බි තරගමාලා අතරේ ලොව ප‍්‍රමුඛතම තරගාවලිය ලෙස සැලකෙන හොං කොං සත් සාමාජික තරගාවලිය සඳහා ආසියාවේ තුන්වැනි කණ්ඩායම ඇතුළත් කිරීමට අන්තර්ජාතික රග්බි මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව දැනට ආසියාවේ සත් සාමාජික රග්බි කණ්ඩායම් අතරේ 3 වැනි ස්ථානය හිමිකරගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමටද හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.

මෙම තරගාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී හොං කොං නුවරදී පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට හෙං කොං සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූයේ 2004 වසරේදීය. එවර ආසියාවේ කණ්ඩායම් 6 ක් හෙං කොං සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූ අතර ඒ වන විට මෙම තරගාවලියට සහභාගි වීමේදී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් එකම නිර්නායකය නොවීය.

ෆාසිල් මරීජාගේ නායකත්වය යටතේ තරග කළ ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම මේ වසරේදී ආසියාවේ තුන්වැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය. එය ශී‍්‍ර ලාංකික රග්බි කණ්ඩායමක් ඉතිහාසයේ ලබාගත් හොඳම ස්ථානය බව ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මීට පෙර හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූයේ ආසියානු කණ්ඩායම් 2 ක් පමණක් වූවත් පසුගියදා ආසියානු රග්බි සංගමයේ මහලේකම්වරයා ලෙසින් පත්වූ, ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ කරුණු දැක්වීම් වලින් පසුව අන්තර්ජාතික රග්බි මණ්ඩලය විසින් මෙම තීරණ ගනු ලැබ ඇති බවත් පැවසේ.

”මෙය ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාවේ විශාල ජයග‍්‍රහණයක්. අපේ රග්බි කී‍්‍රඩාව දැන් හරි පාරට වැටිලා තියෙන්නේ”

”ආසියාවේ රග්බි කී‍්‍රඩාව ලෝක මට්ටමට ඔසවා තැබීම අපේ වගකීමයි. ඒ සඳහා ඔවුන්ට අවස්ථාව තියෙන්න ඕනේ...හොං කොං විතරක් නොවෙයි, ඩුබායි හා ජපාන තරගාවලි සඳහා තවත් ආසියානු කණ්ඩායම් යොදවන්න අප උත්සාහ කරනවා” යයිද අසංග සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

ලබන වසරේදී ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම හොං කොං සත් සාමාජික තරගාවලිය, ආසියානු ප‍්‍රබලයන් පස් දෙනාගේ තරගාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය, ආසියානු කී‍්‍රඩා උළෙල සහ කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය යන අන්තර්ජාතික රග්බි තරගාවලි සඳහා සහභාගි වීමට නියමිතය.


 


අදහස් (0)

හොං කොං 7 සාමාජික තරගාවලියට ශී‍්‍ර ලංකාවත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.