Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් - යුද හමුදා තරගයේ ඉතිරි කොටස හෙට
අන්තර් සමාජ රග්බි

හැව්ලොක්ස් - යුද හමුදා තරගයේ ඉතිරි කොටස හෙට

editorial - 2023 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ ඉකුත් සෙනසුරාදා (7 වැනිදා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර පැවැති තරගය අකුණු සහිත වර්ෂාව හේතුවෙන් පළමු අර්ධය අවසානයේ නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

ඒ වන විට ලකුණු 17-08 ක් ලෙස හැව්ලොක් ක්‍රීඩකයෝ තරගයේ ඉදිරියෙන් සිටියහ. පළමු අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින්ද, යුද හමුදාව උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්හ.
 
තරගයේ ඉතිරි කොටස හෙට (9 වැනිදා) පස්වරු 4.45 සිට පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. නිපෝන් පේන්ට් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

හැව්ලොක්ස් - යුද හමුදා තරගයේ ඉතිරි කොටස හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.