Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති
අන්තර් සමාජ රග්බි

හැව්ලොක් ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙම වසරේ (2023) අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය ආරම්භ කරමින් එහි සමාරම්භක තරගය ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී ඊයේ (1 වැනිදා) රාත්‍රියේ විදුලි අලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් ලකුණු 49-08 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 16-08 ක් ලෙස පෙරමුණගත් හැව්ලොක් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 33 ක් එක්කර ගත්තේ, ගුවන් හමුදා ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදෙමිනි. 

එහිදී හැව්ලොක් ක්‍රීඩා සමාජය ගෝල දිනුම් 4 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු රැස්කළ අතර ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. ගුවන් හමුදාව වෙනුවෙන් පත්මසංක ප්‍රමෝද් එම උත්සාහක දිනුම ලබාගත් අතර දඬුවම් පහර සාර්ථක කරගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩට සමත් විය. 

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් දිනූප සෙනෙවිරත්න උත්සාහක දිනුම් 3 ක්ද, අස්මීර් ෆාජුඩීන්, චානක චන්දිමාල්, ජයතු රාජරත්න සහ ෂේන් ඩයස් එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 3 ක් චානක චන්දිමාල් විසින්ද, එක් ප්‍රවර්ථනයක් ජනිත් චන්දිමාල් විසින්ද සාර්ථක කරගනු ලැබූ අතර දඬුවම් පහර 2 සාර්ථක කරගනු ලැබුවේ සැමුවෙල් මධුවන්ත විසිනි. 

මෙම තරගයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සෙනාල් දීලක සහ උදාර ජයපයියාද, ගුවන් හමුදාවේ නිර්මාල් වික්‍රමසිංහ සහ ඉසුරු ජයරත්නද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. ගිහාන් යටවර මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

හැව්ලොක් ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.