Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් ක්‍රීඩකයෝ අණසක පතුරති
අන්තර් සමාජ රග්බි ලීගය

හැව්ලොක් ක්‍රීඩකයෝ අණසක පතුරති

editorial - 2022 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (5 වැනිදා) ලොන්ඩන් පෙදෙසේදී පැවැති තරග‍යෙන් ලකුණු 53-3 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 6 කට ක්‍රීඩා කර ඇති හැව්ලොක් කණ්ඩායම එම තරග 6 ම ජයගෙන තවදුරටත් සිය අපරාජිත බව රැකගෙන සිටියි. 

ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ හැව්ලොක් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-03 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සී.ආර්. කණ්ඩායම පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ දඬුවම් පහරක් සමගිනි. තරගයේ 6 වැනි විනාඩියේදී යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් එම එම ද‌ඬුවම් පහර සාර්ථක කරගත්තේය.

තරගයේ 19 වැනි සහ 36 වැනි විනාඩිවලදී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් රන්දිත වර්ණපුර පිට පිටම උත්සාහ දිනුම් දෙකක් වාර්තා කළ අතර 39 වැන විනාඩියේදී උමේෂ් මධුෂාන් තවත් උත්සාහක දිනුමක් ලබා ගත්තේය. එම උත්සාහක දිනුම් 3 න් 2 ක ප්‍රවර්ථනයන් මෙන්ම 25 වැනි විනාඩියේදී හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.

දෙවැනි අර්ධයේදී සී.ආර්. කණ්ඩායමට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් හැව්ලොක් ක්‍රීඩකයෝ, එහිදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත්හ. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට සී.ආර්. කණ්ඩායමට වඩා ලකුණු 50 ක් ඉදිරියෙන් සිටිමින් හැව්ලොක් ක්‍රීඩකයෝ තරග‍යේ ජයග්‍රහණයට හිමිකම් කීහ.

ක්‍රිස්ටියන් ද ලී (46 වැනි විනාඩියේදී), හෆීස් අඩාහාන් නූර් (61 වැනි විනාඩියේදී), අෂේල් රණසිංහ (66 වැනි විනාඩියේදී), රමේෂ් ප්‍රනාන්දු (69 වැනි විනාඩියේදී) සහ ලසිඳු කරුණාතිලක (78 වැනි විනාඩියේදී) හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනිමින් ඒවා ගෝල බවට පත් කිරීමට සන්දේෂ් ජයවික්‍රම සමත් විය.

හැව්ලොක් කණ්ඩායමේ රමේෂ් ප්‍රනාන්දු තරග‍යේ 74 වැනි විනාඩියේදී  විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබීය. මෙම තරගය තුළදී හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 9 ක්ද, සී.ආර්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 8 ක්ද සිදු කළහ.


අදහස් (0)

හැව්ලොක් ක්‍රීඩකයෝ අණසක පතුරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.