Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සෙනසුරාදා උණුසුම් තරග දෙකක්
අන්තර් පාසල් රග්බි

සෙනසුරාදා උණුසුම් තරග දෙකක්

editorial - 2025 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් රග්බි තරගාවලියේ සති හතරක් අවසන් වන විට ශාන්ත තෝමස්, ඉසිපතන, වෙස්ලි, රාජකීය සහ ත්‍රිත්ව යන විදුහල් පළමු වටයේදී සිය අපරාජිත තත්ත්වය රැකගෙන සිටිති. එවන් තත්ත්වයක් තිබියදී තරගාවලිය එහි තීරණාත්මක අවසන් සතියට එළැඹ තිබේ.
 
මේ සති අන්තයේදී ඉතාමත් තීරණාත්මක තරග දෙකකි. අපරාජිත කණ්ඩායම් වන ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට (සෙනසුරාදා) පස්වරු 4.00ට ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තවත් අපරාජිත කණ්ඩායම් දෙකක් වන ශාන්ත තෝමස් සහ ඉසිපතන විද්‍යාලය අතර තරගයත් හෙට (සෙනසුරාදා) පස්වරු 4.00ට ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩංගණයේදී පැවැත්වෙයි. මෙම තරග වල ප්‍රතිඵල අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් පෙනුම සැකසෙනු ඇත. 

‘ඒ’ කාණ්ඩයේ ෂ වැනි කොටසේදී ප්‍රසද ලකුණු 23 ක් සමගින් වෙස්ලි විදුහල පෙරමුණේ රැඳී සිටී. ඔවුන් එතැනට පැමිණියේ ගියවර ශූරයන් වූ ශාන්ත පීතර කණ්ඩායම ලකුණු 23-5 ක පරාජයක් වෙත ඇද දමමිනි. තරග 4 කදී ලකුණු 139 ක් ලබාගත් වෙස්ලි විදුහල හමුවේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට ලබාගත හැකිවී ඇත්තේ ලකුණු 33 ක් පමණි. ශාන්ත පීතර විදුහල ‘ඒ’ කොටසේදී ප්‍රසද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 18 කට හිමිකම් කියමිනි. 

‘ඒ’ කාණ්ඩයේ II වැනි කොටසේදී ශාන්ත තෝමස් සහ ඉසිපතන විදුහල් පෙරමුණේ සිටිති. දෙපිලම තරග 4 කදී අපරාජිතව සිටිමින්, ප්‍රසාද ලකුණු 24 බැගින් ලබා සිටිති. එහෙත් විදුහල් දෙක අතර පරතරය පෙනෙන්නේ ඔවුනොවුන් ලබාගත් ලකුණු සහ ප්‍රතිවාදීන් ලබාගත් ලකුණු අතර පරතරයෙනි. 

සාන්ත තෝමස් කණ්ඩායම තරග 4 කින් ලකුණු 170 ක් ලබාගන්නා අතර වාරයේ ඉසිපතන විදුහල තරග 4 කින් ලකුණු 136 ක් ලබා සිටී. කණ්ඩායම දෙකම ප්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ ලකුණු 87 බැගින් වූවත් ලකුණු වෙනස අනුව, වඩාත් හොඳ ආරක්‍ෂක පෙළක් සහිත සාන්ත තෝමස් විදුහල ඉදිරියෙන් සිටී. 

මේ අතර පිළිවෙලින් ප්‍රසාද ලකුණු 7 ක් සහ 6 ක් හිමි සහිරා විද්‍යාලය සහ මහානාම විදුහල අතර සිව්වැනි ස්ථානය වෙනුවෙන් සටනක් නිර්මාණය වී තිබේ. 

‘ඒ’ කාණ්ඩයේ පාසල් අතර III වැනි කොටසේදී රාජකීය සහ ත්‍රිත්ව විදුහල් මහ සටනකට සූදානම් වෙමින් සිටිති. මෙම විදුහල් දෙකම, තරග 4 කට බැගින් සහභාගි වෙමින් ප්‍රසාද ලකුණු 24 ක් බැගින් ලබා සිටිති. ප්‍රතිවාදීන්ගෙන් ලබාගත් ලකුණු අනුව ත්‍රිත්ව (200) සහ රාජකීය (189) අතර ඇත්තේ සියුම් පරතරයකි. කෙසේ වෙතත් රාජකීය විදුහලේ ආරක්ෂක හැකියාව ඉදිරියෙන් පවතී. රාජකීයයන් හමුවේ ප්‍රතිවාදීන්ට ලබාගත හැකිව ඇති ලකුණු සංඛ්‍යාව 39 ක් පමණක් වෙද්දී ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ප්‍රතිවාදීන් ලකුණු 55 ක් ඩැහැගෙන ඇත.

එබැවින් මේ සති අන්තයේදී වඩාත්ම තීරණාත්මක තරගය විය හැක්කේ ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර සෙනසුරාදා පස්වරු 4.00ට ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයයි. 

මේ අතර අද (4 වැනිදා) පස්වරු 4.00ට සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තර්ස්ටන් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය ද කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් තරගයක් වන්නේ තරගාවලියෙන් ඉවතට විසිවීම වළක්වාගැනීමට ඇති අවසන් අවස්ථාව එය වන බැවිනි. 


5 වැනි සතියේ තරග කාල සටහන

2025 ජුලි 4 සිකුරාදා
■ තර්ස්ටන් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය පස්වරු 4.00ට සුගතදාස ක්‍රීඩාංගණයේදී 
2025 ජුලි 5 සෙනසුරාදා
■ වෙස්ලි විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය පස්වරු 4.00ට හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
■ ධර්මරාජ විද්‍යාලය සහ කිංගස්වුඩ් විද්‍යාලය පස්වරු 4.00ට නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී
■ සහිරා විද්‍යාලය සහ මහානාම විද්‍යාලය - පස්වරු 4.00ට සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී
■ ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය - පස්වරු 4.00ට ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී
■ ශාන්ත තෝමස් සහ ඉසිපතන විද්‍යාලය - පස්වරු 4.00ට ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩංගණය
■ ශාන්ත තෝමස් විද්‍යාලය සහ ඩී.එස්. සේනානයක විද්‍යාලය - පස්වරු 4.00ට ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී
■ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශ්‍රි සුමංගල විද්‍යාලය අතර (තීරණාත්මක තරගයකි) - පස්වරු 4.00ට සී.ආර් සහ එෆ්.සී පිටියේදී
2025 ජුලි 6 ඉරිදා
■ විද්‍යා විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය - පස්වරු 4.00ට විද්‍යා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

සෙනසුරාදා උණුසුම් තරග දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.